Colombo Today Local News

එම්.සී.සී ගිවිසුම සම්බන්ධ විද්වත් කමිටුවේ වාර්තාව ජනපතිට

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය හෙවත් මිලේනියම්  චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත භාරදීම ජනාධිපති කාර්යාලයේ දී අද (17) සිදුකෙරිණි.
 
කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි 2019 දෙසැම්බර් මස 18 වැනිදා සිට මෙම සිව් පුද්ගල විද්වත් කමිටුව පත් කෙරිණි.
 
කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන, සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.
 
එම කමිටුව විසින් මෙම ගිවිසුම සම්බන්ධයෙන් ස්වාධීන වෘත්තීමය විශ්ලේෂණයක් සිදුකෙරෙන අතර ඔවුහු විවිධ පැතිකඩ ඔස්සේ මෙම විශ්ලේෂණය සිදු කරමින් පවතින බව ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
 
 ලිපි ලේඛන විමර්ශනය, විවිධ පාර්ශ්ව, කණ්ඩායම් සහ පුද්ගලයන් සමඟ සාකච්ඡා සහ සම්මන්ත්‍රණවල යෙදෙමින් මෙම ගිවිසුම පිළිබඳ තොරතුරු රැස් කිරීමට කමිටුව ක්‍රියා කරන අතර සහශ්‍රක අභියෝගතා සමායතනය පිළිබඳ පූර්ණ වාර්තාවක් ඔවුන් විසින් මාස 04ක් ඇතුළත භාරදීමට නියමිතය.

Related posts

දේශබන්දුට තවත් විමර්ශනයක්! නාටකයක්ද? සැලසුමක්ද?

Admin

නුවරඑළියේ නිරෝධායන මද්‍යස්ථානයක සිටි පුද්ගලයෙකු මිය යයි

colombotoday

ඇමෙරිකානු යුද උපකරණ කටුනායකට ගොඩබායි – පොලීසියට රේගුවට හමුදාවට බැලීමත් තහනම්

colombotoday

රනිල්ගේ පුද්ගලික ආරක්ෂකයාට හදිසි මාරුවක්!

Admin

ෆාමසියෙන් ගත් බෙහෙත් බී කතක් මියයාම ගැන විමර්ශන අරඹයි

Admin

බඹරු දෂ්ට කර ළමුන් 60 ක් රෝහලේ

colombotoday