Colombo Today Local News

එජාපයේ ප්‍රබලයෙකුට මෙවර ඇමතිකම් නොදෙන බව ජනපති කියයි

නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකුට මෙවර අමාත්‍යධූරයක් නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  මධ්‍යම කාරක සභාව අද (18) රාත්‍රීයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී  පැවැති අතර  එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

එම හිටපු ඇමැතිවරයා  එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත්ව සිටින අතර ඔහු පසුගිය කාලය පුරාම ජනාධිපතිවරයා  දැඩි ලෙස විවේචනය කළ  මන්ත්‍රීවරයෙකු බවද පැවැසේ.

එම මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකර ඇති ජනාධිපතිවරයා ඔහුට අමාත්‍යධූරයක් නොදීමට තීරණය කර ඇතැයිද සඳහන් කර ඇත.

Related posts

බේරුවල මුහුදු ප්‍රදේශයේ භූචලනයක්

Admin

‘සිනොපෙක්’ ඉන්ධන මෙහෙයුම් ජූලි මස අරඹයි

Admin

ජනාධිපති මන්දිරයේ දේපළවලට අලාභ හානි කල 32 ක් හඳුනා ගන්න පොලිසිය මහජන සහය පතයි

colombotoday

ජනතාව වෙනුවෙන් කමල් පාර්ලිමේන්තු එන්න සූදානම්

Admin

ලාෆ්ස් ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම ඇරඹෙයි

colombotoday

නව යුද හමුදාධිපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක !

colombotoday