Colombo Today Local News

එක රැයකින් මේ ආණ්ඩුව වෙනස් කරන්න අපට පුලුවන් – සුමන්තිරන්

වත්මන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව දෙමළ දේශපාලන පක්ෂ වල සහයෝගයෙන් ආණ්ඩුවේ බහුතරය ලබාගෙන කටයුතු කළද එම ආණ්ඩුව එක රැයකින් වෙනස් කිරීමේ හැකියාව දෙමළ ජාතික සන්ධානයට තිබෙන බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

දෙමළ මාධ්‍ය වෙත ඊයේ අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව පවසා තිබේ. ශ්‍රී ලංකා දේශපාලනයේ සැබෑ මුහුණුවර ජාත්‍යන්තර වෙත පෙන්විය හැකි බවත් ජාත්‍යන්තරයේ අවධානය ලබා ගැනීමේ හැකියාව තිබෙන බවත් ඔහු අවධාරණය කර ඇත.

සිංහල ජනතාව මධ්‍යයේ දෙමළ පාර්ශ්ව පිළිබඳ විශ්වාසය ඇති කරන අන්දමේ ක්‍රියාමාර්ග ගනු ලැබුවත් විටින් විට තම පිහි පෙන්වා දෙමළ ජනතාව බියවැද්දවීම ඔවුන් විසින් සිදු කරන බවද සුමන්තිරන් මහතා වැඩිදුරටත් කියා තිබේ.

Related posts

මන්ත්‍රී ආරක්ෂකගේ පිස්තෝලය අකිල සාලියගේ බලන්ගොඩ නිවසේදී අතුරුදන්

Admin

භාණ්ඩ 367ක් ආනයනය නවතමින් ගැසට් නිවේදනයක්

colombotoday

කබ්රාල්ගේ පත්වීම වළකන්නැයි, ඉල්ලූ රිට් ආඥා පෙත්සම සලකා බැලීම 7 වැනිදා

colombotoday

පාවාදීමේ ගතිය යළි ඔප්පු කළා… ජනපති මෙවර එජාපයත්, ශ්‍රීලනිපයත් එකවර පාවාදුන්නා – නාමල්

colombotoday

විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව සාක්ෂි දෙන්න ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුට සිතාසි නිකුත් කරයි

Admin

බාල වයස්කාර ගැහැණු ළමයෙකුට සරම උස්සා පෙන්නු පුද්ගලයෙකු සොයා විමර්ශන

colombotoday