Colombo Today Local News

එංගලන්තයෙන් ගෙනා තවත් අපද්‍රව්‍ය බහාලුම් 82 ක් ආපසු පිටත් කර යවයි

ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස එංගලන්තයේ සිට ගෙන්වා තිබූ අපද්‍රව්‍ය බහාලුම් 242 න්, තවත් අපද්‍රව්‍ය බහාලුම් 82 ක්, කොළඹ වරායෙන් පිටත් වූ නෞකා 3 කින් ආපසු එංගලන්තය බලා අද(06)දින පිටත් කර යැවූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණයේ නියෝගය මත සහ මේ පිළිබඳව රේගුව විසින් පවත්වනු ලබන විධිමත් රේගු පරීක්ෂණයකින් ද මෙම අපද්‍රව්‍ය බහාලුම් ආපසු එංගලන්තය වෙත යැවීමට නියෝග ලැබී තිබේ.

කොළඹ වරායේ ගුදමක ගබඩා කර තිබූ මෙම අපද්‍රව්‍ය බහාලුම් 112 අතරින්, බහාලුම් 82 ක් 11/06 දින අලුයම ආපසු එංගලන්තය බලා ප්‍රති නැව් ගත කර තිබේ.

තවත් මෙම බහාලුම් 10 ක් අද (06)දින රාත්‍රීයේත් පිටත් කර හැරීමට නියමිත බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ ආකාරයට ඉකුත් 30දින ද කොළඹ වරායේ තිබූ අපද්‍රව්‍ය බහාලුම් 20 ක් එංගලන්තය වෙත ප්‍රති නැව් ගත කර තිබූ අතර , තවත් මෙවැනි අපද්‍රව්‍ය බහාලුම් 130 ක් කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලාවක ගබඩා කර තිබේ.

මෙම ප්‍රති නැව් ගත කිරීම රේගු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් ජී.වී.රවිප්‍රිය මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ රේගු අධ්‍යක්ෂ (සමාජ ආරක්ෂණ ) එස්.පී.අයි.බාලසූරිය, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් එස්.ආනන්ද ඊශ්වරන්, රේගු අධිකාරී අෂොරොෆ් සම්සුදීන්, සහකාර රේගු අධිකාරීවරුන් වන තිළිණි ජයසුන්දර සහ කේ.කේ.එම්.සලීම් යන නිලධාරීන් විසින් සිදු කර තිබුණි.

Related posts

ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 61 දෙනෙකු අත්අඩංගුවට

colombotoday

ඉන්ධන බෙදාහැරීම හෙට සිට

colombotoday

අපි වගේ හොරුන්ට දරුවන් ළවා වන්දවන්න එපා – පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්

colombotoday

වසන්ත මුදලිගේ යළිත් රිමාන්ඩ්

Admin

සමෘද්ධි ප්‍රතිලාභ ලැබිය යුතු පුද්ගලයින් හදුනා ගෙන නුසුදුසුන් ඉවත් කළ යුතුයි – ජනපති

Admin

LTTE ය තවදුරටත් සක්‍රීයයි… ත්‍රස්ත සංවිධානයක් ලෙස ඇමරිකාව නම් කරයි…

colombotoday