Colombo Today Local News

උප්පැන්න සහතිකය භාෂා තුනෙන්ම නිකුත් කෙරේ…

උප්පැන්න සහතිකය භාෂා ත්‍රිත්වයෙන් මුද්‍රණය කර රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ අස්සනින් යුතුව ලබා දීමට කටයුතු කරන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙතෙක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය 332ක අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරුන්ගේ අස්සනින් යුතුව නිකුත් වූ උප්පැන්න සහතික තනි අස්සනකින් යුතුව නිකුත් වීම සිදු වන බවත් ඒ මඟින් උප්පැන්න සහතිකයට ජාත්‍යන්තරව පිළිගැනීමක් ලැබීම හා කූට ලේඛන සැකසීමට නොහැකිය.

එසේම අවුරුදු 16දී නිකුත් කරන ජාතික හැඳුනුම්පත් අංකය ද උප්පැන්න සහතිකයට ඇතුළත් කරන අතර දරුවකුගේ උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකය එමඟින් ලබා ගැනීමට හැකියාව ඇති බවත් පෙන්වා දෙන ජනරාල්වරයා සඳහන් කරන්නේ උප්පැන්න සහතිකයටද වෙනම අංකයක් ලබා දෙන අතර එම උප්පැන්න සහතිකය තුළ පවතින ජාතික හැඳුනුම්පත් අංකය අවුරුදු 16ක් සපිරෙන විට සකස් කරන ජාතික හැඳුනුම්පතට ඇතුළත් කරන බවයි.

පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව පවත්වාගෙන යෑමට නියමිත මෙම නව සේවාව ජනප්‍රිය විද්‍යුත් ලේඛනගත කිරීමටද (ඡ්-නධනභතචප) ඇතුළත් කරන බවද සඳහන් කරයි. කුඩා කල සිට දරුවන් මුහුණ දෙන සියලුම විභාගවලටද උප්පැන්න සහතිකය මත පදනම්ව ජාතික හැඳුනුම්පත් අංකය මඟින් පෙනී සිටීමේ හැකියාව ඇති බවයි. මෙතෙක් කලක් විවිධ ආකාරයට නිකුත් වූ උප්පැන්න සහතික විධිමත් ආකාරයට ප්‍රමිතිගතව සැකසීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා විෂය භාර අමාත්‍ය වජිර අබේවර්ධන මහත්වරු මඟ පෙන් වූ බවද රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී. විතානගේ මහතා සඳහන් කරයි.

Related posts

ශ්‍රී ලංකාවට දෙන ඕනෑම ණයක් සඳහා ණය තිරසර බවට සහතිකයක් අවශ්‍යයි-IMF

colombotoday

සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු SF ලොකූ අත්අඩංගුවට !

colombotoday

රටේ ආදායමටත් වඩා ණය පොලිය ඉහළට.. විදෙස් ආයෝජකයෝ අකුලගෙන යන්න යයි

colombotoday

වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 7ක් ශ්‍රී ලංකා රජයට බල කරයි

Admin

මහින්ද සමරසිංහගේ ශ්‍රීනිප සාමාජිකත්වය ද කළුතර දිස්ත්‍රික් සංවිධායක ධුරයද අහෝසි කරයි

colombotoday

බහුවාර්ගික ත්‍රෛභාෂා පාසලකට පොළොන්නරුවේදී මුල්ගල් තැබේ !

colombotoday