Colombo Today Local News

උපකාරක පන්ති ජුනි 15 සිට ඇරඹීමට අවසර

උපකාරක පන්ති එළඹෙන ජුනි මස 15 වන දින සිට නැවත ආරම්භ කිරීමට අවසර ලබා දී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් කර ඇත.

අදාළ උපකාරක පන්ති පවත්වන ස්ථානයේ ඉඩ ප්‍රමාණය අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් එක් උපකාරක පන්තියක් සඳහා සහභාගී කරවා ගත හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 100 කට සීමා වේ.

නමුත් සිසුන් සිය දෙදෙනෙකුට හෝ අදාළ පන්ති කාමරයේ හෝ ශාලාව තුළ ඉගැන්වීමට පහසුකම් නොමැති ස්ථානයන්හි සාමාන්‍යයෙන් එම ස්ථානයේ උපකාරක පන්තියට සහභාගී වන සිසුන් සංඛ්‍යාවෙන් අඩකඩ පමණක් සහභාගී කරවා ගැනීමට අවසර දෙනු ලැබේ.

මෙම සියලූම අවසරයක් ලබා දෙනු ලබන්නේ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අදාළ සියලු පාර්ශවයන් විසින් පූර්ණ වශයෙන් පිළිපැදීමට යටත්වය.

Related posts

විරෝධතාකරුවන්ට පහරදීම ගැන නාමල් විවේචනය කරයි

colombotoday

“පසු බසින්නේ නෑ : මවුබිමට ඇවිත් ජනතා පැතුම් ඉටු කරනවා”

colombotoday

අපි කළ හොඳ වැඩ නිසා ප්‍රා.සභා ඡන්දෙත් දිනනවා

Admin

අලුත් ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම විරුද්ධයි – මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න

colombotoday

පාසල් සිසුවකු කාණුවක හිර වෙයි

colombotoday

පළාත් අතර සීමිත බස් සහ දුම්රිය ගමන්වාර අද සිට

colombotoday