Colombo Today Local News

ඊබ‍්‍රහිම් ශාහීද් ‘යසින්ත’ නමින්ද පෙනී ඉඳලා – කඳානේ පදිංචි බවට හැඳුනුම්පතකුත්

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු සිදු කෙරෙන විමර්ශනවලදී අත්අඩංගුවට ගැනුණු මීට පෙර මාවනැල්ලේ බුද්ධ ප‍්‍රතිමාවලට හානි කළ සිද්ධියේ ද, ප‍්‍රධාන සැකකරුවෙකු වන මොහොමඞ් ඊබ‍්‍රහිම් ශාහීද් අබ්දුල් හක් සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරු කිහිපයක් අනාවරණ වුණා.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනුණේ ඉකුත් 27 වැනිදායි.

ඊට පෙර දිනයේදී ඔහු අනුරාධපුරයේ හෝටලයක නවාතැන් ගැනීම සඳහා ‘ඇතිගේ ජෙරාල් යසින්ත සිල්වා’ ලෙස ව්‍යාජ නමකින් පෙනී සිට ජාතික හැඳුනුම්පතක් ද ඉදිරිපත් කර තිබෙනවා. එහි ලිපිනය සඳහන් වී ඇත්තේ අංක 188/M, දෙවන පටුමග, රෝහල පාර, කඳාන ලෙසයි.

මෙම පුද්ගලයා සමග සම්බන්ධතා පැවැත්වූ අනුරාධපුරයේ තවත් අයෙකු සහ ගල්නෑවේ පුද්ගලයෙකු සම්බන්ධයෙන් ද තොරතුරු ලැබී ඇති අතර ඔවුන් 03 දෙනාම අධ්‍යාපනය ලබා ඇත්තේ මාදම්පේ ඉස්ලාහියා අරාබි පාසලෙන් බවයි වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ. 

මේ අතර මොහොමඞ් ඊබ‍්‍රහිම් ශාහීද් අබ්දුල් හක් නමැති මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මූලික තොරතුරු ලැබී ඇත්තේ අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක සංජීව මහානාමගේ පුද්ගලික ඔත්තුකරුවෙකු හරහායි.

එම පුද්ගලික ඔත්තුකරුවා මුස්ලිම් ජාතිකයෙකු වන අතර ඔහු මාවනැල්ල බුදුපිළිම කැඞීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනාගේ පාසල් මිතුරෙකුද වනවා.

පසුව ලද තොරතුරකට අනුව මොහොමඞ් ඊබ‍්‍රහිම් ශාහීද් අබ්දුල් හක් යන සැකකරුගේ දුරකතන අංකය සොයා ගෙන සම්පේ‍්‍රෂණ කුළුණු මගින් ඔහු යාම් ඒම් සහ නතර වූ ස්ථාන පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළි කර ගෙන තිබෙනවා. එලෙස හෙළි කර ගත් තොරතුරු අනුවයි ගම්පොළ ප‍්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.         

Related posts

කොළඹ කොටස් වෙළෙඳපොළට එක්වීමට යන අලුත්ම සමාගම මෙන්න

Admin

ආශු මාරසිංහ ජනාධිපති උපදේශක ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Admin

ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ යයි

colombotoday

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකයා ජනපති ගෝඨාභය හමුවෙයි

colombotoday

දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට

Admin

අලි සබ්රි 20 සභාගත කරයි, පාර්ලිමේන්තුව ගාලගෝටියක් වෙයි

colombotoday