Colombo Today Local News

ඊජිප්තු ජාතික අරාබි පාසල් ගුරුවරයෙක් මාදම්පේදී අත්අඩංගුවට…

වීසා නොමැතිව මෙරට රැදී සිටි ඊජිප්තු ජාතිකයෙකුව මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අද (24) සවස මාදම්පේ පැරණි නගරයේ පිහිටි අරාබි පාසලේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මීට වසර හතර හමාරකට පෙර සැකකරු මෙරටට පැමිණ ඇති බව පවසන නමුත් ඔහු සතුව ගුවන් ගමන් බලපත්‍රයක් හෝ වීසා බලපත්‍ර  තිබී නැත.

තමන් මෙම අරාබි පාසලේ ගුරුවරයෙකු ලෙස සේවය කරමින් සිටි බව සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත.

පරීක්ෂාවට ලක් කරන ලද අරාබි පාසලේ ගාල් කර තිබූ හිමිකරුවෙකු නොමැති වෑන් රථයක්ද තම බාරයට ගැනීමට මාදම්පේ පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත.

Related posts

ගුරුවරිය දණ ගැස්සූ නඩුවෙන් පා. මන්ත්‍රී චාමර සම්පත් නිදහස්

colombotoday

පාස්කු ප්‍රහාරයේ මුලික අයිතිවාසිකම් පෙස්සම් තීන්දුව හෙට

Admin

හරක් කටාට අධිකරණ නියෝගයක්

Admin

පොලීසියට තග දැමු පිය-පුතු අත්අඩංගුවට

Admin

නිරෝධායන කටයුතු සම්පූර්ණයෙන්ම නොමිළේ… ගාස්තු අයකිරීමක් නෑ !

colombotoday

“බැදුම්කර හොරා, පර්ෆෙචුවල් ට්‍රෙෂරීස් ලාභයෙන් පෙනේ“ හෙළිකොප්ටරයකුත් ගනී.. පත්තරයකුත් අරඹයි

colombotoday