Colombo Today Local News

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළියකට එක්වන්නැයි ජනාධිපතිගෙන් දේශීය ඉංජිනේරුවන්ට ඇරයුම්

නාගරික සහ ග්‍රාමීය ජනතා අවශ්‍යතා ඉටුවන අයුරින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළියකට එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ඉංජිනේරුවරුන්ට ඇරයුම් කරයි.

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයන් සමග ඊයේ (16)දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා එම ඇරයුම කර ඇත.

වසර ගණනාවක් තිස්සේ සංවර්ධන ව්‍යාපෘති ශක්‍යතා වාර්තා සැකසීමේ සිට ඉදිකිරීම් අධීක්ෂණය සහ තීරණ ගැනීම කර ඇත්තේ විදේශීය ඉංජිනේරුවන් විසින් බවත් ඔවුන් නායකත්වය දුන් ව්‍යාපෘතිවලින් ජනතා අවශ්‍යතා ඉටු වී නැති බවත් ජනාධිපතිවරයා පෙන්වා එහිදී පවසා ඇත.

විදෙස් රටවලින් පැමිණ ව්‍යාපෘති කිරීමේ සංස්කෘතිය නතර කර ඉදිරි සංවර්ධන වැඩසටහන් දේශීය ඉංජිනේරුවරුන්ට සහ ආයතනවලට පවරන බව ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදුකිරීමට අපේක්ෂිත පෙරළියේදී දේශීය ඉංජිනේරුවන් කෙරෙහි විශ්වාසය තබන බව කී ජනාධිපතිවරයා ඉතිහාසයේ ඉතා කීර්තිමත් ඉංජිනේරුවරුන් බිහි වූ යුගය නැවත උදා කළ යුතු බව සඳහන් කර තිබේ.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ රජයේ වැඩපොළ පත්ව ඇති තත්ත්වය පිළිබඳව තමා කණගාටුවන බව සඳහන් කළ ජනාධිපතිවරයා එම ආයතන පෙර තිබූ තත්ත්වයට වඩා ඉදිරියෙන් තැබීමේ වගකීම ද ඉංජිනේරුවරුන්ට පවරා ඇත.

තමන් කෙරෙහි ජනාධිපතිවරයා තබා ඇති විශ්වාසය තහවුරු කරමින් දේශීය යාන්ත්‍රණයක් තුළ රට ගොඩනැගීමේ කර්තව්‍යයට උර දෙන බවට එහිදී ඉංජිනේරුවරු සහතික වී තිබේ.

තමා රට භාරගන්නා විට තිබූ තත්ත්වයට වඩා කොවිඩ් අර්බුදය හමුවේ අභියෝග දස ගුණයකින් වැඩි වී ඇතැයි පැවසූ ජනාධිපතිවරයා වඩාත් ශක්තිමත්ව ඊට මුහුණ දෙන බව අවධාරණය කර ඇත.

අඩු හා මැදි ආදායම්ලාභී පුද්ගලයින්ගේ නිවාස ප්‍රශ්නය විසඳීමේ දී දේශීය ඉදිකිරීම් සමාගම්වල සහ ඉංජිනේරුවන්ගේ දායකත්වයේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

මුල් ආකෘතියට හානි නොවන අයුරින් වැව් සහ වාරිමාර්ග පද්ධතිය පිළිසකර කිරීමේ වැදගත්කම ද එහිදී සාකච්ඡාවට ලක් වී ඇත.

Related posts

සිංහ ලේ, දෙම ලේ ආදී ජාතිවාදී අවතාර තවමත් අප අතර හොල්මන් කරනවා – ඇමති මංගල

colombotoday

නොරොච්චෝලේ බිඳ වැටුණු ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කරන්න දින 12 ක් ගතවේවි – විදුලිබල මණ්ඩලය කියයි

Admin

“ජනපති මෛත්‍රීට නොබෙල් සාම ත්‍යාගය – මහින්ද කකුලෙන් ඇදීම නතර කළ යුතුයි“ – ජී එච් බුද්ධදාස

colombotoday

“එජාපයයි, ශ්‍රීලනිපයයි අයියයි මල්ලියි වගේ.. අපි දැන් එකට වැඩ” – සජිත්

colombotoday

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සැකපිට රිෂාඩ් බදුර්දින්ගේ සොහොයුරෙකු අත්අඩංගුවට

colombotoday

අයවැය බදු ඉවත්කර ගනු – බස් ගැමුනුත් වර්ජනයකට සැරසෙයි

colombotoday