Colombo Today Local News

ඇමරිකානු ගිවිසුම අත්සන් කිරීම ජනපති නියමයෙන් කල් යයි !

යෝජිත ඇමෙරිකානු සහශ්‍ර සංවර්ධන සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම ලබන ජනවාරි වන තෙක් කල් දමන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇති බව වාර්තාවේ.

එම ගිවිසුම අධ්‍යනය කර සතියකින් පමණ වාර්තාවක් ලබාදෙන බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

සතියේ කැබිනට් රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (20) උදේ 8.30 ට පමණ රැස්වූ අතර එහිදී එම ගිවිසුම සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

යෝජිත ගිවිසුම කඩිනමින් අත්සන් කළ යුතුව ඇතැයි ඇමැතිවරුන් කිහිපදෙනෙකු අදහස් දක්වා ඇති අතර ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් අද කැබිනට් රැස්වීමේදී අවසන් එකඟතාවකට පැමිණ ඇත.

ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත සහශ්‍ර සංවර්ධන සහයෝගිතා ගිවිසුම යටතේ ඇමෙරිකානු රජයෙන් ඩොලර් මිලියන 480 ක මුදලක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් නවීකරණය හා ඉඩම් පරිපාලන ගැටලු නිරාකරණය වෙනුවෙන් පිරිනැමෙන මෙම මුදල වාරික කිහිපයක් යටතේ වසර 5 ක් තුළ ලබාදීමට යෝජනා වී ඇත.

Related posts

අරලියගහ මන්දිරයටයි ජනාධිපති මන්දිරයටයි කකුල තියන්න බලන් ඉන්නවා | සජිත් ප්‍රේමදාස කියයි

colombotoday

තෙල්දෙණියේ ගැටුමෙන් ජිවිත අහිමිවූවන්ගේ පවුල්වලට රවී කරුණානායක මහතාගෙන් මුල්‍යාධාර

colombotoday

නඩු විභාගය සදහා දිගු කාලයක් ගතවෙලා නඩු භාන්ඩ විනාශ වීම සලකලයි මේ තීරනය ගයත්තෙ -අමාත්‍ය විජේදාස රාජපක්ෂ

Admin

නැවත දැනුම් දෙන තෙක් විදුලි කප්පාදුව නවතියි

colombotoday

ඒකාබද්ධය – අපි එකතු වුණාම එජාපයට ඇඩ්‍රස් නෑ.. දකුණට සිග්නල් දමා වමට හැරවීම ජනපතිට සුළු දෙයක්

colombotoday

ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

colombotoday