Colombo Today Local News

ඇඳිරි නීතිය පවතින කාලය තුළ ෆාමසි විවෘත කර තැබීමට පියවර. ඖෂධ වට්ටොරුව ඇඳිරි නීති අවසර පතක් ලෙස සලකයි.

රට තුළ  කොරෝනා වෛරසය පැතිරයාම මැඩපැවැත්වීම සදහා රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙලට අනුව ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් දෛනිකව රෝහල් සායනවලින් සහ ෆාමසිවලින් ඖෂධ වර්ග ලබාගන්නා රෝගීන් විශාල සංඛ්‍යාවක් අපහසුතාවයට පත්ව ඇත.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය  හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ වැඩපිළිවෙලක් සකසා ඇත.

ඒ අනුව සියලුම ඖෂධ සැල් අවශ්‍යතාවය පරිදි ඇඳිරි නීතිය පවතින කාලය තුල විවෘත කර තැබීමට අවස්ථාව සලසා දෙන ලෙස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත.

මෙහිදී රෝගියාගේ රෝග විනිශ්චය හා ඖෂධ වට්ටොරුව ඇඳිරි නීති අවසර පතක් ලෙස සලකන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය පොලිස්පතිවරයාට දන්වා ඇත.

එමෙන්ම ඖෂධ සැල්වල සේවය කරන සේවකයින්ට සහ ඖෂධ ප්‍රවාහනය කරන වාහන සදහා අවසරය ලබාදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. 

Related posts

ජොන්ස්ටන් අධිකරණයට භාර වෙයි

colombotoday

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට ටී.සී.ඒ. ධනපාල

Admin

TNA මන්ත්‍රීලා ගුරුකන්ද රජමහා විහාරයට කඩාපනී… නාහිමියන්ට බැණවැදී බලහත්කාරයෙන් පොංගු තමිල් කරයි…

colombotoday

මධූෂ්ගේ බිරිඳ රහසේම ලංකාවට ඇවිත් – CID අත්අඩංගුවට

colombotoday

මීරිගම දේවස්‍ථානයකට ප්‍රහාරයක්

colombotoday

මධුර විතාන ගේ ආසනය මධුරිකාට

colombotoday