Colombo Today Local NewsCovid 19

ආසාදිතයින් 2500 පැන්නොත් සෞඛ්‍ය පද්ධතියම කඩා වැටේවි – අනතුරු ඇඟවීමක්

මෙම අවස්ථාවේදී උග්‍ර ප්‍රතිචාර නොදැක්වුවහොත් උපරිම අවස්ථාවේදි ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ආසාධිතයන් 2500 ක පමණ සංඛ්‍යාවක් වාර්තා විය හැකි බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

එවන් තත්වයකදී සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමකට ලක්වීමට ඇති ඉඩ කඩ කිසිසේත් බැහැර කල නොහැකි බවයි සංගමය පෙන්වා දෙන්නේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අනුව මෙරට සෞඛ්‍ය පද්ධතියට දරා ගත හැකි උපරිම කොවිඞ්-19 රෝගීන් සංඛ්‍යාව 2,000 කට ආසන්න සංඛ්‍යාවක් වීම ඊට හේතුවයි.

කෙසේ වෙතත් මෙම මාසය අවසන් සතිය දක්වා රෝගීන් සංඛ්‍යාව ක්‍රමිකව වැඩිවීමක් අපේක්ෂා කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

දැනට නිවාස ආශ්‍රිත කුඩා රෝගීන් පොකුරු මට්ටමේ සිට ගම තුල රෝගීන් පොකුරු මට්ටම වෙත ක්‍රමයෙන් ළගා වෙමින් පවතින බව වෛද්‍ය සංගමය සඳහන් කළා.

එය සමාජය තුළ රෝග ව්‍යාප්තිය දක්වා යාම වළක්වාලීම සඳහාද ඔවුන් විසින් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

සියයට 80 ක සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාම ඉන් ප්‍රධාන කරුණයි. කෙසේ නමුත් ඉදිරි අධි වසංගත තත්වයක් වළක්වා ගැනීමට මේ දක්වා ගෙන ඇති පියවර පමණක් ප්‍රමාණවත් නොවන බවයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය සඳහන් කළේ.

පරීක්ෂණ පහසුකම් වැඩි දියුණු කර ආසාධිතයන් සමග ස්පර්ශවී ඇති 42,000 ආසන්න පිරිස හඳුනාගැනීම එහි ප්‍රමුඛතම ඉලක්කය ලෙසයි වෛද්‍ය සංගමය අවධාරණය කරන්නේ.

එමෙන්ම මුහුණු ආවරණ භාවිතය ඉහළ නැංවීම සහ සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීමද රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ යෝජනා අතරට ඇතුළත් වනවා.

News i

Related posts

ලබන මහ කන්නයේ සිට කාබනික පොහොර නොමිලේ ලබා දීමට කැබිනට් අනුමැතිය

colombotoday

අපොස සාමාන්‍ය පෙළ සිසුන්ට අධ්‍යයන නිවාඩු කාලයක්

colombotoday

පොදු ප්‍රවාහන සේවා ඇරඹේ

colombotoday

වසන්ත මුදලිගේට ඇප

Admin

ඇමති දෙපළකට එරෙහිව ශ්‍රීලනිපයෙන් කැරැල්ලක් !

colombotoday

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසමේදි හෙළි වූ තොරතුරු

colombotoday