Colombo Today Local News

ආරක්ෂක හමුදා සාමාජිකයන්ට වට්ටම් සහිතව භාණ්ඩ මිලදී ගැනීමට “විරුසර” වරප්‍රසාද කාඩ්පත්

ආරක්ෂක හමුදාවන්හි සේවයේ නියුතුව සිටි මියගිය රණවිරුවන්ගේ පවුල් සහ ආබාධිත සොල්දාදුවන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් ලක්ෂ 02කට “විරුසර” නමින් වරප්‍රසාද කාඩ් පතක් නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත. එහි පළමු අදියර යටතේ 44,500කට වැඩි පිරිසකට දැනටමත් කාඩ්පත් නිකුත් කර ඇත.

මෙම කාඩ්පත ඔස්සේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මිලදී ගැනීම් වලදී වට්ටම් ලබා ගැනීමේ හැකියාව ඔවුන්ට හිමිවන බව අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු කටයුතු, රක්ෂණ සහ ලීසිං කටයුතු මෙන්ම සාප්පු සවාරි සඳහා ද මෙම කාඩ්පත උපයෝගී කරගත හැකි වේ.

විරුසර කාඩ්පත් භාවිතයේදී ප්‍රතිලාභීන්ට ඇතිවන අපහසුතා මගහරවා ගැනීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මේ පිළිබඳව දැනටමත් දැනුම්දී ඇතැයිද ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. එමෙන්ම දැනටම මීට දායක වන ආයතනවල ප්‍රදර්ශනය සඳහා ස්ටිකරයක් හඳුන්වා දී ඇති අතර ඉදිරියේදී ජංගම දුරකථන කෙටිපණිවුඩ සේවාවක් මේ වෙනුවෙන් හඳුන්වා දෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Related posts

පොහොට්ටුවේ 6ක් දුරකථනෙට පනී

Admin

“විමල්ගේ අදහස අනගියි.. සයිටම් ගැන එලෙස බලන්න මා සූදානම්“ – රාජිත

colombotoday

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනය. – ඇඟලුම්හලේ කළමනාකාරවරයෙක් ඇතුළු තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

බුදු පිළිමය ඉවත් කිරීමට නියෝග කරලා… පින්නදූව හුවමාරුවේ උණුසුම් තත්ත්වයක්….

colombotoday

කොළඹ ජාතික රෝහලේ 34 35 36 වාට්ටු වසා දමයි

colombotoday

මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට සිදුවූ මිලියන 673ක පාඩුවක් කෝප් කමිටුවේදී හෙළි වෙයි.

colombotoday