Colombo Today Local News

ආප්ප, ප්ලේන් ටී, කිරි තේ සහ කෑම පැකට්ටුවක් අද සිට උපරිම සිල්ලර මිලකට

ආප්ප, ප්ලේන්ටී, කිරි තේ සහ දිවා ආහාර (මාළු) පාර්සලයක් අද (28දා) සිට උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

ඒ අනුව ආප්පයක් රුපියල් 15ක්, ප්ලෙන් ටී රුපියල් 20ක්, කිරි තේ එකක් රුපියල් 40ක් හා දිවා ආහාර පාර්සලයක් (මාළු) රුපියල් 140 යන මිල ගණන් යටතේ අලෙවි කිරීම සිදුවනු ඇත.

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් අවධාරණය කළේ එකී මිල ගණන් නීතිගත කිරීමට පාරිභෝගික අධිකාරිය වහාම කටයුතු කළ යුතු බවය.

එමඟින් සමස්ත පාරිභෝගිකයාට දිවයිනේ ඕනෑම ආපනශාලාවකින් නිශ්චිත මිලකට එම ආහාරපාන ලබා ගැනීමේ හැකියාව පවතින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ජීවන වියදම් කමිටුව විසින් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් ඉහළ දමන විට පාරිහෝගික අධිකාරිය කිසිදු වග විභාගයකින් තොරව එය අනුමත කළ බවත් පාරිභෝගික අධිකාරිය නිරන්තරයෙන් සිටිය යුත්තේ පාරිභෝගිකයාගේ පැත්තෙන් බවටත් ඔහු චෝදනා කළේය.

Related posts

අගමැතිගෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

colombotoday

සමෘද්ධිය අහිමි වූවන්ගේ අභියාචනා හා විරෝධතා ලක්ෂ 5 පනී

Admin

නැවත මී උණ රෝගය හිස එසවීමේ අවදානමක්

colombotoday

ඊයේ එජාපයට පැන්න වසන්ත අද තවත් පිම්මක් පනී…

colombotoday

බුදුන් වහන්සේ නාගදීපයට වැඩමකළ බක් පුන් පොහොය අද

colombotoday

පාසල් සිසුන් එන්නත්කරණය ඇරඹේ

colombotoday