Colombo Today Local News

අස්ගිරි – මල්වතු උපසම්පදා විනය කර්ම දින නියමයක් නැතිව කල් දමයි

කොවිඩ්-19 වයිරසය රටපුරා ව්‍යාප්ත වීම වලක්වා ගැනීම පිණිස සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින අවස්ථාවක උපසම්පදා විනයකර්ම මෙවන් අවස්ථාවේ සිදු කිරීම කාලෝචිත නොවන බවට මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පුමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාව ඒකමතිකව තීරණය කර ඇත.

එබැවින් සියම් මහ නිකායේ මල්වතු අස්ගිරි උභය මහ විහාරයන්හි වාර්ෂිකව සිදුකෙරෙන්නාවූ උපසම්පදා විනය කර්ම දින නියමයක් නොමැතිව කල් දැමීමට මහනායක ස්වාමින්ද්‍රන් වහන්සේ දෙනම ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාව තීරණය කර තිබේ.

සෑම වර්ෂයකම වෙසක් පුන් පොහෝ දින සිට පොසොන් පුන් පොහෝ දිනය දක්වා මල්වතු අස්ගිරි උභය මහ විහාරයන් කේන්ද්‍ර කරගනිමින් උපසම්පදා විනයකර්ම සිදුකරන බවත් මෙම වසරේ මැයි මස 07 දිනට යෙදෙන වෙසක් පුන් පොහෝ දිනයෙන් මෙම පුණ්‍යයෝත්සවය ආරම්භ වීමට නියමිතව තිබූ බවත් මල්වතු පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුණේ සුමංගල නාහිමියෝ පැවසූහ.

සම්බුද්ධ ශාසනය ආරක්ෂා වන්නේ මහ සංඝරත්නය හා සැදැහැවතුන් ආරක්ෂා වීමෙන් බවත් මෙම අවස්ථාවේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ලබාදී තිබෙන උපදෙස් අනුව සියලු දෙනා නිවෙස් වලට වී සිටීම වැදගත් බවත් කී සුමංගල නාහිමියෝ සියලු කරදර වලින් රට මිදුණු පසු උපසම්පදා විනය කර්ම කටයුතු සිදුකරන බවද සදහන් කළේය.

මල්වතු අස්ගිරි උභය මහ විහාරයන් මූලිකත්වයෙන් සිදු කෙරෙන්නාවූ වෙසක් උත්සවද මෙවර නොපැවැත්වීමට තීරණය කළේ යැයි උන්වහන්සේ කීහ.

Related posts

පනාගොඩින් අසුවූ ලංකාවේ ලොකුම ෆේස්බුක් සාදය. තරුණ තරුණියන් 400කට අධික පිරිසක්.

colombotoday

හෝටලයකට පැන වේටර්ට තඩි බෑ නි.ඇමති තෙවරප්පෙරුමට ආපන ශාලා හිමි සංගමයේ විරෝධය

colombotoday

සිරගත රණවිරුවන්ට නිදහස, සහනාධාර වෙනුවට පොහොර නොමිළේ – ජන සන්නිපාතය මැද ගෝඨාගෙන් සහතිකයක්

colombotoday

කඳාන මස් වෙළෙඳසැල් හිමියෙකුට වෙඩි තැබීම සම්බන්ධව පුද්ගලයෙක් අත්අඩංගුවට

Admin

තම්බපවනී බලාගාරයේ ලක්ෂ 19ක තඹ කම්බි උස්සලා

Admin

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

Admin