අයිස් මත්ද්‍රව්‍ය සමග ඊයේ (22)දින අත්අඩංගුවට ගෙන තිබූ සුරාබදු නියාමකවරයාගේ සේවය අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ කොමසාරිස් ජනරාල්වරයා අදාළ නියෝගය ලබා දුන් බවය.