Colombo Today Local News

අයියනාර් පුරම් සහ බැරිස්ටර් නෙයින මරික්කාර්ගම ජනතා අයිතියට

රටේ පාලකයින් යනු පොදු ජනතාවගේ සේවකයින් වුවත්, ඇතැම් පිරිස් කටයුතු කරන්නේ ජනතාවගේ සේවකයින් ලෙස නොව රටේ සින්නක්කර අයිතිකරුවන් ලෙස නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසයි.

ජනතා සේවකයින් ලෙස පත් කර ගන්නා පාලකයින් රටේ අයිතිකරුවන් ලෙස හැසිරෙමින් ජනතා මතයට පයින් ගසා කටයුතු කරන්නේ නම් ජනතා අයිතිය කරුමයක් බවට පත් වන බවත්, රටේ පාලකයින් ලෙස පත් කර ගත යුත්තේ ජනතා සේවකයින්ද නැතහොත් රටේ සින්නක්කර අයිතිකරුවන්ද යන්න තීන්දු කිරීමට ජනතාවට ඉදිරියේදී අවස්ථාව උදා වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

රටේ අයිතිකරුවන් ලෙස හැසිරෙන පාලකයින් වංචා, දූෂණ, අක්‍රමිකතා සිදු කර රටේ ජාතික සම්පත් කොල්ලකන බවත්, පාලන බලය ලබා ගන්නා අවස්ථාවේදීජනතා සේවකයින් ලෙස බොරු ප්‍රතිරූපයක් රටට මවා පාමින් බැටළු හම පොරවා ගත් වෘකයින් ලෙසින් ජනතාව අතරට පැමිණෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පුත්තලම දිස්ත්‍රික්කයේ, මනතිව් ප්‍රදේශයේ ඉදිකළ “අයියනාර්පුරම්”සහ වනාතවිල්ලුව ප්‍රදේශයේ ඉදිකළ “බැරිස්ටර් නෙයින මරික්කාර්ගම” යන උදා ගම්මාන දෙක ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (24) දින සහභාගී වෙමිණි.

“සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේජනතා අයිතියට පැවරුණු 206 සහ 207 වන ආදර්ශ ගම්මාන මේවා වේ.

නිවාස 44කින් සමන්විත මෙම උදා ගම්මාන දෙකඅංගසම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ504කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.

මෙහිදී නිවාසලාභීන් 44 දෙනාට නිවාස හිමිකම්පත්‍ර ප්‍රදානය හා රුපියල් ලක්ෂ 102 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 44 ක හිමිකම නොමිලේ ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 76කට රුපියල් ලක්ෂ 117 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, පවුල් 75 ක් සඳහා රුපියල් ලක්ෂ 150 ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’, ප්‍රතිලාභීන් 6 දෙනෙක් සඳහා රුපියල් ලක්ෂ 37ක් වටිනා‘විරුසුමිතුරු නිවාස අධාර’,‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ අභ්‍යාසලාභින් 50 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 25 ක් වටිනා ප්‍රතිලාභ ප්‍රදානය සහ දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 161දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.

Related posts

ආණ්ඩුව කරලා තියෙන්නේ සීනි බෝල වෙනස්කම් – මංගල සමරවීර කියයි

colombotoday

ලබන සතියේ පාර්ලිමේන්තු දින 5ක්

colombotoday

කකුලෙන් අදින අයට පක්ෂයෙන් ඉවත් වෙන්නැයි සජිත් කියයි

colombotoday

ඉන්දුනීසියාවේ භූචලනයක්..

colombotoday

රියදුරු බලපත් වලංගු කාලය මාස 6 කින් දීර්ඝ කරයි

colombotoday

අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් විශේෂ ඉන්ධන කෝටාවක්

colombotoday