Colombo Today Local News

අයවැයට ඡන්දය දීමටනම් TNA, මුස්ලිම් කොංග්‍රසයෙන් මාරාන්තික කොන්දේසියක්…

අයවැය ලේඛනය සම්මත කරගැනීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට ප්‍රබල කොන්දේසියක් ඉදිරිපත් කර තිබේ. මෙම කොන්දේසිය ඉදිරිපත් කර ඇත්තේ දැනට කලක සිට කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් දෙපක්ෂය අතර පවත්නා බල අරගලය උච්ඡතම අවස්ථාවට පත්වීම නිසාය.

දෙමළ සහ මුස්ලිම් ජන කොට්ඨාස දෙකම සම සමව ජීවත්වන කල්මුණේ දැනට ක්‍රියාත්මක වන්නේ උප ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක් ලෙසයි. එය අයවැය ඡන්දයට පෙර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක් බවට පත් කළ යුතු යැයි දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා ඇත. එහෙත් මුස්ලිම් කොංග්‍රස් පක්ෂය මෙයට තදින්ම විරෝධය පළකර තිබේ. ඔවුනට ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයාද සහය පළකර තිබේ.

අයවැය ලේඛනය සම්මත කර ගැනීමට තම ඡන්ද අවශ්‍ය නම් මෙම ඉල්ලීම ඉටුකරන ලෙස දෙමළ සන්ධානය තරයේම රජයෙන් ඉල්ලා ඇත. එහෙත් තමන්ගේ විරෝධය නොතකා කල්මුණේ උප ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය ප්‍රා.ලේ. බල ප්‍රදේශයක් බවට පත්කළහොත් තම පක්ෂය අයවැයට තරයේම විරුද්ධ වන බවත් ඊට රිෂාඩ්ලාගේ සහාය ලැබෙන බවත් මුස්ලිම් කොංග්‍රසයට රජයට දැන්වීය. මුලින් සුළු ප්‍රශ්නයක් ලෙස නොසලකා හැර තිබූ මෙම ගැටලුව පසුගිය සිකුරාදා වන විට අර්බුදයක් වී තිබිණි. ඒ ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ සන්ධාන නායක ආර්. සම්පන්දන් සහ මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් සමඟ සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්වුවද සිකුරාදා සවස් වනතෙක් ප්‍රශ්නය විසඳී තිබුණේ නැත.

Related posts

මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනය අවුරුදු 150කට බංග්ලාදේශයට !!

colombotoday

අලුත්ම පාස්පෝට් ලක්ෂ 50ක් ලබන මාසයේ සිට

Admin

ගයේෂා පෙරේරාගේ නිරුවත් කතාවට මධූෂා රාමසිංහගෙන් නිරුවත් ප්‍රතිචාර

colombotoday

ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

විදුලි විසන්ධිය හමුවේ අන්තර්ජාල සේවා සැපයුමටත් බාධා…

colombotoday

පූටින් මෙන් නිර්භීත, ලී ක්වාන් යූ මෙන් දූරදර්ශී, මහතීර් මොහොමඩ් මෙන් කලමණාකාරී ලක් ඉතිහාසයේ විශිෂ්ඨතම ජනාධිපති අපේක්ෂකයා සූදානම්

colombotoday