මහසොහොන් බලකායේ අමිත් වීරසිංහට සහ ඩෑන් ප්‍රියසාද් නමැත්තාට ඉදිරි මැතිවරණය සදහා තම පක්ෂයෙන් නාම යෝජනා දී ඇතැයි පළවන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
සිය නිළ ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් පොදුජන පෙරමුණ සදහන් කළේ පක්ෂයේ නාමයෝජනා මණ්ඩලය විසින් ඉදිරි මැතිවරණ වලට අදාල නාම යෝජනා කැදවීම මෙතෙක් ආරම්භ කර නොමැති බවයි. එසේම ඉදිරි මැතිවරණ වලට තරග වදින අපේක්ෂකයින් පිළබදවද මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ලංකා පොදුජන පෙරමුණ සඳහන් කලා