Colombo Today Local News

අභියෝග එල්ල වූවත් ගොවි නිෂ්පාදන ආනයනය තහනම් කළ තීරණය ආපස්සට ගන්නේ නැහැ – ජනපති ගෝඨාභය

කෙටි කාලීන අපහසුතාවන්ට පත් වූවද ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් ගොවි ජනතාව නගා සිටුවීමට ගත් පියවර ආපස්සට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

මිල පාලනයට හෝ පහත හෙලීමට, කහ සහ සෙසු භාණ්ඩ ආනයනය කළ හොත්, කිසිඳු දිනෙක අපේක්ෂිත අරමුණට ලඟා විය නොහැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවැති ජිවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ මංගල රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ආචාර්ය බන්දුල ගුණවර්ධන, වෛද්‍ය රමේෂ් පතිරණ, මහින්දානන්ද අලූත්ගමගේ යන අමාත්‍යවරුන්, ලසන්ත අලගියවන්න, අරුන්දික ප‍්‍රනාන්දු, ශශේන්ද්‍ර රාජපක්ෂ යන රාජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Related posts

‘ඇමතිකමෙන් ඉවත් කළොත් බැඳුම්කර රහස් එළි කරනවා‘ ප්‍රබල ඇමතිගෙන් අගමැතිට තර්ජණ !

colombotoday

වරායේ වැඩ වර්ජනයට වුයේ කුමක්ද?

colombotoday

මහ බැංකුව දේශීය මුදල් වෙළඳපොළට බිලියන 200ක් මුදා හරියි

Admin

පුද්ගලයෙකු සන්තකයේ තබා ගත හැකි ඩොලර් ප්‍රමාණය අඩුකිරීමට සාකච්ඡා

colombotoday

ඉන්දියාවේ අපරාධ රැසකට සම්බන්ධ ත්‍රස්තවාදියෙක් මෙරටදී අල්ලයි

Admin

බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අසල උණුසුම් තත්වයක්

colombotoday