Colombo Today Local News

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුධූරය ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩට

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වේ.

මේ වන විට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතාගේ නම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් නිර්දේශ කොට ඇති අතර එම නිර්දේශයට කතානායක කරූ ජයසුරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වු ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වේ.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරුවරයා වශ්‍යයෙන් කටයුතු කළ දීපාලි විජේසුන්දර මහත්මිය ස්ථිර වශ්‍යයෙන් එම තනතුරට පත් කිරීමට නිර්දේශ කරමින් ජනාධිපතිවරයා විසින් මීට පෙර අවස්ථාවක නිර්දේශ කොට ඇතත් ව්‍යවස්ථාදායක සභාව ඊට අනුමැතිය ලබා නොදීම හේතූවෙන් දීපාලි විජේසුන්දර මහත්මියගේ නම ඉවත් කරගැනීමට පියවර ගත් බවද ඉන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතාගේ නම ජනාධිපතවරයා විසින් නිර්දේශ කොට ව්‍යවස්ථාදායක සභාවට යවා ඇතැයිද වාර්තා වේ.

ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිව අභියාචනාධිකරණයේ සභාපති ධුරයට පත් කළ ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවේ එම ධුරයේ දිව්රුම් දෙන බවද වාර්තා වේ.

Related posts

ප්‍රේමදාස දියණියගෙන් මහින්දට ලිපියක් !

colombotoday

රටේ අභිවෘද්ධියට සහ අනාගතයට ගැළපෙන ආකාරයට 13 වන සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි – ජනපති

Admin

දිනයක් සහ වේලාවක් නැතිනම් පාස්පෝට් ගන්න එන්න එපා – ආගමන විගමන පාලක ජනරාල් දැනුම් දෙයි

Admin

සෑම පැය දෙකකට වරක් එක් ළමයෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් වෙනවා – ප්‍රියන්ත ජයකොඩි

colombotoday

ලිංගික අතවර කරමින් ගබ්සා කළ කොස්තාපල්වරයෙක් මාට්ටු

Admin

ඉන්ධන නැතිව පිරවුම්හල් වහලා බලශක්ති ඇමති තෙල් තියනවලු

colombotoday