Colombo Today Local News

අපේ තරම ඇමරිකාව දන්නෙ නෑ – හුආවේ ප්‍රධානී රෙන් සෙන්ග්ෆෙයි

හුවාවේ සමාගමේ හැකියාව එක්සත් ජනපදය තවමත් නොදන්නා බව එම සමාගමේ නිර්මාතෘ රෙන් සෙන්ග්ෆෙයි පවසයි.

එක්සත් ජනපදය විසින් හුවාවේ සමාගමට එරෙහිව මෑතකදී ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් චීන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

එහිදී හුවාවේ ප්‍රධානියා පෙන්වා දී ඇත්තේ හුවාවේ සමගම විසින් අත්පත් කරගත් 5G තාක්ෂණය ආසන්න අනාගතයේදී අත්පත් කරගැනීමට හැකි අයෙකු තවමත් නොමැති බවයි.

පසුගිය සතියේදී එක්සත් ජනපදය විසින් සිය රටේ සමාගම්වලට ගනුදෙනු කළ නොහැකි ජාත්‍යන්තර ව්‍යාපාර කිහිපයක් හඳුන්වාදුන් අතර ඒ අතරට හුවාවේ සමාගමද ඇතුළත් වෙයි. යම් ලෙසකින් ඔවුන් සමග ගනුදෙනු කිරීමට හැකිවන්නේ එක්සත් ජනපද රජය මගින් ලබාදෙන බලපත්‍රයක් පැවතුණහොත් පමණි.

එය චීනයේ දැවැන්ත හුවාවේ සමාගම අවහිර කිරීම සඳහා එක්සත් ජනපදය ගනු ලැබූ දැවැන්ත පියවරකි.

එක්සත් ජනපද දේශපාලඥයන්ගේ වර්තමාන හැසිරීම් හුවාවේ සමාගමේ හැකියාව හරිහැටි නොදැන කරන දේ සභාපතිවරයා අවධාරණය කරයි.

එමෙන්ම, පසුගියදා ගූගල් සමාගම විසින්ද ඔවුන්ගේ ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධති හුවාවේ නිෂ්පාදන තුළ යාවත්කාලීන කිරීම අවහිර කිරීමටද කටයුතු කර තිබුණි.

පසුව එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව තාවකාලික බලපත්‍රයක් යටතේ දැනට සමාගම් කිහිපයකට දින 90ක කාලයක් සඳහා පමණක් හුවාවේ ජාලයන් සහ උපකරණ වෙත සහාය දැක්වීමට අවසර ලබාදී තිබේ.

මෙය එක්සත් ජනපදය සහ චීනය අතර පවතින නවතම වෙළෙඳ යුද්ධයේ බරපතළ අවස්ථාවක් වන අතර, මෙය දෙරට අතර අන්‍යොන්‍ය සබඳතා බිඳ දැමීමටද හේතු වී තිබේ.

Related posts

බිලියන 15 කට අධික බදු අදායමක් අහිමි වූ සීනි වංචාව ගැන තවත් පැමිණිලි 2ක් අල්ලස් කොමිසමට

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ ආරක්ෂාව වැඩි කරයි…

colombotoday

බුද්ධිඅංශ ප්‍රධානියා ඉවත් කළොත් වාසිය කොටින්ටයි.. විදෙස්ගත දේශප්‍රේමී බලවේග ජනපතිට දන්වයි

colombotoday

අද සිට බස් ගාස්තු ඉහළට..

colombotoday

ජනපති ආඥා අදාළ නැහැ.. හයිබ්‍රිඩ් යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනවා.. විදේශ ඇමති ජිනීවාහී දී සහතික වෙයි

colombotoday

පසුගිය මාස හතට රාජ්‍ය ණය ප්‍රමාණය කෝටි 87870 කින් ඉහළ නගී

colombotoday