පාස්කු ඉරිදා ප්‍රහාරයට පසුබිම් වූ කරුණු සමාලෝචනය කරමින් ඉදිරියේදී රටක් ලෙස සාමුහිකව ගත යුතු තීරණ පිළිබදව ඉල්ලීම් අටක් ඇතුළත් ලිපියක් මාතර, කඩවත් සතර විහාරාධිපති හිමිවරුන්ගේ සංගමයෙන් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.
ආගම් හා ජාතින් පදනම් කරගෙන ක්‍රියාත්මක වන වෙනම නීති හා ජන කොටස් අතර බිය, අවිශ්වාසය ඇතිවන ක්‍රියාකාරකම් වහාම තහනම් කරන්නැයි එමගින් ඉල්ලා ඇත.
එමෙන්ම මේ වන විට සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සහ බුද්ධි අංශ නිලධාරීන් නිදහස් කිරීමට කටයුුතු කරන ලෙසද එම ලිපිය මගින් ඉල්ලා ඇත.