Colombo Today Local News

අද මෙරට පාලකයා සහ ඔහු වටා සිටින අන්තවාදී පිරිස ලංකාව ලෝකයන් ඉවත් කරනවා- දයාන් ජයතිලක

අද මෙරට සිටින පාලකයා සහ ඔහු වටා සිටින අන්තවාදී පිරිස ලංකාව ලෝකය තුළ ඉතාම අමාරු තත්ත්වයකට තල්ලු කරමින් සිටින බව ආචාර්ය දයාන් ජයතිලක මහතා සඳහන් කරයි.

අද පාලකයන් විසින් ලෝකයෙන් ලංකාව හුදකලා කරමින් සිටින බවත් ලෝකයෙන් ලංකාව අයින් කර ගනිමින් සිටින බවත් ඔහු පැවසීය.

ලෝකය හා ලංකාව අතර ඇති ගනුදෙනුව වැරදි ආකාරයකට කළමනාකරණය කිරීම හේතුවෙන් ඉතාම දරුණු අර්බුදයකට වත්මන් පාලනය යන බවද ඔහු කියා සිටියේය.

මෙම තත්ත්ව යටතේ දී නිවැරදි විදේශ ප්‍රතිපත්තියක පිහිටවා නොගතහොත් රටට අනාගත විකල්ප නායකත්වයක් බිහි කිරීමට සමගි ජන බලවේගයටද නොහැකි වනු ඇතැයි ඔවුහු කියා සිටියේය.

සමගි ජනබලවේගයේ අපේක්‍ෂකයන් සදහා ඊයේ(10) දින කොළඹදී කැදවා තිබූ සාකච්චාවේ විශේෂ දේශණයක් කරමින් ඔහු මේ බව පැවසීය.

එක්සත් ජාතික පක්ෂය විසින් අනුගමනය කරන ලද විදේශ සහ දේශීය ප්‍රතිපත්ති හේතුවෙන් ඔවුනට දීර්ඝ කාලයක් තිස්සේ ජනාධිපතිවරයෙක් බිහිකර ගැනීමට නොහැකි වූ බව ද ඔහු එහිදී පැවසීය.

නිවැරැදි විදේශ ප්‍රතිපත්තියක් නොමැති නම් මැතිවරණයක් ජයග්‍රහණය කර ගත නොහැකි බවත් යම් හෙයකින් මැතිවරණයක් ජයග්‍රහනය කළද ඊළඟ මැතිවරණයෙන් පරාජය වන බව ඔහු එහිදී තව දුරටත් සදහන් කලේය.

Related posts

දහවල් බූස්ටර් එන්නත ලබා ගත් යුද හමුදා කෝප්‍රල්වරයකු රාත්‍රියේ ඇදවැටී මියගිහින්

colombotoday

“ගිනි නිවීමේ අභ්‍යාසයක් කරනකොට ගිනි ගත්ත කියල ආරංචියි” දිව පටලවමින් ආරක්ෂක ලේකම් අමුතු දෙයක් කියයි

colombotoday

අගමැති විශේෂ ප්‍රකාශයකට සැරසෙයි !

colombotoday

රියැදුරු බලපත්‍රවලට අදාලව ලබාදෙන සේවාවන් සීමා කෙරේ

colombotoday

අසාත්මිකතා නිසා රෝගීන් මියයාමේ පරීක්ෂණ වාර්තාව සති 3 කින්..

Admin

උසාවි තහනමත් නොතකා මුතුරාජවෙල ගොඩකරයි

colombotoday