Colombo Today Local News

අතාවුද සෙනෙවිරත්න ශ්‍රීනිප මධ්‍යම කාරක සභාවෙන්, ජනපති සිරිසේනගේ නියෝගයෙන් නෙරපා දමයි

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රබල සාමාජිකයකු මෙන්ම හිටපු කැබිනට් ඇමැතිවරයකු ද වන අතාවුද සෙනෙවිරත්න මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභා සාමාජික ධුරයෙන් ඉවත්කර ඇත.

මාවනැල්ල ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායකවරයා ලෙස ද කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ දිස්ත‍්‍රික් නායකයා ලෙස ද දීර්ඝ කාලයක් කටයුතු කළ අතාවුද සෙනෙවිරත්න මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජයග‍්‍රහණය කරා ගෙන යෑමට කැප වී කටයුතු කළේය.

මේ පිළිබඳව අතාවුද සෙනෙවිරත්න මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා කියා සිටියේ ජනාධිපතිවරයා විසින් තමා මධ්‍යම කාරක සභා සාමාජික ධුරයෙන් ඉවත් කර ඇති බවයි.

Related posts

අද කොටුවට එන විරෝධතාකරුවන්ට අධිකරණයෙන් නියෝගයක්

Admin

ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න බස්රථ 500ක්

Admin

ජනාධිපති ඡන්දය දැමීම මාධ්‍යවල පෙන්වන්න එපා

Admin

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන ගැන සේවකයින්ට දැනුම්දීමක්

Admin

අද පාර්ලිමේන්තුව ආරම්භ වේ

Admin

මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන තොරතුරු ලබා දෙන්න අංකයක් | සත්‍ය තොරතුරු දෙන අයට වටිනා මුදල් ත්‍යාග

colombotoday