Colombo Today Local News

අත්අඩංගුවට ගත් කොටියා වමාරයි – කිලෝ 15ක ක්ලේමෝ බෝම්බ 2 ක් සොයා ගනී

ති‍්‍රකුණාමලය සේරුනුවර ප‍්‍රදේශයේ රැඳී සිටියදී යුද හමුදාව මගින් අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දුන් තීබන් නොහොත් ජෝශප් පීටර් රොබින්සන් නමැති එල්ටීටීඊ ත‍්‍රස්තවාදියාගෙන් ලබාගත් තොරතුරු මත කිලෝග‍්‍රෑම් පහළොව බැගින් බරැති අධිබල ක්ලේමෝ බෝම්බ දෙකක් පොලිසිය සොයාගෙන තිබේ.

කිලිනොච්චිය පොලිස් ත‍්‍රස්ත විමර්ශන ඒකකය භාරයේ සිටින මෙම කොටි ත‍්‍රස්තවාදියාගෙන් වැඩිදුරටත් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදී යාපනය කොණ්ඩාවිල් වරණි ප‍්‍රදේශයේ ඉඩමක් පිටුපස වළ දමා තිබී මෙම බෝම්බ දෙක සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇත.

නැගෙනහිර පළාතේදී ප‍්‍රභූ දේශපාලන ඝාතනයකට සූදානම්ව සිටියදී මෙම කොටි ත‍්‍රස්තවාදියා යුද හමුදාවට කොටුවී ඇතැයි මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම කොටි ත‍්‍රස්තවාදියා මීට වසර දෙකකට පමණ පෙර කිලිනොච්චිය ඔඞ්ඩුසුඩාන් මාර්ගයේදී ති‍්‍රරෝද රථයකින් පුපුරන ද්‍රව්‍ය තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටි කොටි ත‍්‍රස්තවාදීන් පිරිසක් පොලිසියට කොටුවූ අවස්ථාවේ පොලිසියෙන් බේරී පලා ගිය අයකු බවට ද තොරතුරු හෙළිවී ඇත.

පොලිස් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

සේවිකාවන්ට වූ ලිංගික හිංසන ගැන සොයද්දී මැති සබේ කමිටු කාමරයකින් කොට්ට දෙකයි මෙට්ටයකුයි හමු වෙයි.

Admin

CID විමර්ෂණවලින් තවත් රහස් එළියට… බැදුම්කර බෑණා තවත් පුද්ගලයන්ට මිලියන ගණන් දුන් හැටි හෙළිවේ

colombotoday

බැදුම්කර වංචාවට රවි කරුණානායක අත්අඩංගුවට නොගන්නැයි නියෝග

colombotoday

පාර්ලිමේන්තුවේ විග්නේෂ්වරන්ගේ පලමු කතාවෙන්ම ජාතිවාදී ගිනි අවුලයි. ඥානසාර හිමි නොමැති අඩුව දැනෙයි.

colombotoday

තැපැල් ඡන්දේ එනවා පඩි වැඩි කරලා තියෙන්නේ

Admin

මිය ගිය කැස්බෑවන්ගේ සිරුරුවල කොටස් විදේශ රටකට

colombotoday