Colombo Today Local News

අණ නොතකා ගිය මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

එ‍ගොඩඋයන වසමේ මෝදර අළුත් පාලම අසල ස්ථාපිත කර ඇති දිස්ත්‍රික් මායිම් මාර්ග බාධකයේ දී ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් අන නොතකා ධාවනය වු මෝටර් රථයකට වෙඩි තැබීමක් සිදු කර තිබේ.

මෙම මෝටර් රථය මොරටුව දෙස සිට පානදුර දෙසට ධාවනය කර ඇති අතර, එගොඩඋයන පරණ පාරේ මාර්ග බාධකයේ දී රථය නැවැත්වීම සඳහා සංඥා කර සිටිය ද එම රථය නොනවත්වා ධාවනය කර තිබේ.

ඒ බව මෝදර අළුත් පාලම අසල මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් දැනුවත් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි

Related posts

පෙට්‍රල්-භූමිතෙල් කලවම් කර බෙදාහැරලා

Admin

සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වීම ගැන දැඩිව විමර්ශනය කරන්නැයි, බැසිල්ගෙන් උපදෙස්

colombotoday

එමිරේට්ස් ගුවන් මගි තහනම තවදුරටත් දීර්ඝ කරයි

colombotoday

සියළුම සංවර්ධන ව්‍යාපෘති ඇමරිකානු සමාගමකට – ඇගමැතිගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday

නලීන්-රෝහිණි-මයන්ත-කාවින්ද-බුද්ධික එක් කර සජිත් අලුත් බලකායක් හදයි

colombotoday

බින් ලාඩන් මැරුණ හැටි නොකියන ඇමරිකාව කොටි ත්‍රස්තයන් මැරුණ හැටි හෙවීමේ ලෝක විහිළුව

colombotoday