Colombo Today Local News

රාජ්‍ය ඇමතිනී විජයකලා ජාතික කොඩිය ඔසවන්න බෑ කියයි

vijayakala maheshwaran 555තෙන්මරාච්චි වීරසිංහම් මහා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත වශයෙන් සහභාගි වූ එක්සත් ජාතික පක්‍ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනිය වන ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, ශ්‍රී ලංකාවේ ජාතික ධජය වන සිංහ කොඩිය එසවීම ප්‍රතික්‍ෂේප කර ඇත.

තමා වසර 06 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරන බවත් මෙතෙක් කිසිඳු වැඩසටහනකදී සිංහ කොඩිය ඔසවා නොමැති බවත් ඇය ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ කුමන් වැඩසටහනකදී වුවද, ප්‍රධාන ආරාධිත විසින් ජාතික ධජය වන සිංහ කොඩිය එසවීම සම්ප්‍රදායයි. 02-07 දින පැවැති මෙම ත්‍යාග ප්‍රධානෝත්සවයේදී ජාතික ධජය ඔසවන ලෙස විදුහල්පතිවරයා විසින් විජකලාට ආරාධනා කර ඇත.

එය ප්‍රතික්‍ෂේප කළ විජයකලා, මෙතෙක් කිසිඳු වැඩසටහනකදී තමා සිංහ කොඩිය ඔසවා නැති බවත්, මෙම වැඩසටහනේදීද ඔසවන්නේ නොමැති බවත් ප්‍රකාශ කර ඇත. පසුව වෙනත් අයෙකු ජාතික ධජය ඔසවා ඇත.

යහපාලන රජයේ අමාත්‍යරියක වන විජයකලා, සිංහ කොඩිය එසවීම ප්‍රතික්‍ෂේප කිරීම දකුණේ දේශපාලනය තුල ඉදිරියේදී නොසන්සුන් තත්වයක් ඇති කරනු ඇතැයිද, සිංහල දේශපාලන පක්‍ෂ මෙයට එරෙහි ප්‍රකාශ සිදුකරනු ඇතැයිද බලාපොරොත්තුවේ.

විජයකලාගේ ස්වාමියා වූ මහේෂ්වරන්, හින්දු සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලදි. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටියදී ශ්‍රී ලංකාවේ යහපාලනයක් නොමැති බව ප්‍රකාශ කර සෙංකෝලය රැගෙන පාර්ලිමේන්තුවෙන් පිටතට දිවගිය බවද මෙහිදී සටහන් කළ යුතුව ඇත.

– lankatnews

Related posts

දැරියකට ලිංගික අතවරයන් කළ අසල්වැසි ඥාති පස්දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

ඇමති විමල්ගේ නිවසේ දී රැස්වු කණ්ඩායම ජනපති අතර හමුවක්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 280ක් හමුවෙයි

colombotoday

බහුවාර්ගික ත්‍රෛභාෂා පාසලකට පොළොන්නරුවේදී මුල්ගල් තැබේ !

colombotoday

පාසල් මුරකළ දෙමව්පියන්ට නිවාඩු දෙයි

colombotoday

සියලු සත්ත්ව උද්‍යාන, අලි අනාථාගාර සහ සෆාරි උද්‍යාන වසා දැමේ

colombotoday