Colombo Today Local News

දෙමළ ජනතාවට ස්වයංතීරණ අයිතිය ඕන… උතුරේ මහ ඇමති ජනපතිගේ මූණටම කියයි

උතුරු නැගෙනහිර ජීවත්වන දෙමළ ජනතාව සදහා ස්වයංතීරණ අයිතිය ලබාදිය යුතු බව උතුරු පළාත් ප්‍රධාන ඇමති සී.වී. විග්නේශ්වරන් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේදී ඊයේ 18 පැවති “දරුවන් සුරකිමු“ ජාතික වැඩසටහනේදීය.

කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවති “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ති‍්‍රක් සමුළුවේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගෙන් එම ඉල්ලීම කළ මහ ඇමැතිවරයා දැනට වෙන්ව පවතින පළාත් වලට සිය කැමැත්ත පරිදි ඒකාබද්ධ වීමේ අයිතිය ලබා දෙන ලෙසත් යෝජනා කළේය.

“උතුරු නැගෙනහිර ජීවත්වන දෙමළ කතා කරන ජනතාවට එක්සත් ලංකාවක් තුල ස්වයංතීරණයට ඇති අයිතිය, තමන් ගැන තමන්ම තීරණය ගෙන පාලනය කිරීමේ අයිතිය ඔබතුමා පිළිගන්න ඕනේ,”

“ළඟදී අපේ නායකතුමා හමු වූ වෙලාවේ මෙම අවුරුද්ද තුලදී විසඳුමක් ලබා ගත හැකි බව ඔබ තුමා දැනුම් දුන් බව අපට දැනගන්න ලැබුනා. ඒ නිසා විසඳුමක් ලැබෙයි කියා අපි විශ්වාස කරනවා. ඒ පියවර නිසා ඔබතුමාට දේශපාලන වශයෙන් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවුනොත් පළාත් නමයටම ස්වයංපාලනයේ අයිතිය ලබා දෙන්න. අවශ්‍ය උනොත්, පළාත් වලට එක්වීමේ අයිතියත් ලබා දෙන්න.”

යැයි මහඇමතිවරයා එහිදී කියා සිටියේ ය.

 

Related posts

ආරක්ෂක අංශ කැළඹෙයි.. අට වසරකට පසු ‘සුසෙයිගේ බෝට්ටුව‘ උතුරු මුහුදෙන් යළි මතුවෙයි !

colombotoday

කළුතර ලී මෝලක් ඇවිලෙයි

colombotoday

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Admin

අගමැති කාර්යාලයේ “සමරිසි” පාඩමට මහා සංඝරත්නයේ විරෝධය (Video)

colombotoday

නීතියට කොකා පෙන්නා රටින් පැන්න කන්ජිපානි මිනී මැරීම් යලි අරඹයි

colombotoday

විවිධ පැමිණිලි පොතේ පිටු පිළිස්සූ සැරයන්වරයකුගේ වැඩ තහනම්

Admin