Colombo Today Local NewsHot News

Video: ඇමති මංගල විකාශය තහනම් කල රාජ්‍ය වෙසක් මහෝත්සවයේ බුද්ධ පුජාව මෙන්න

ඇමති මංගල විකාශය තහනම් කල රාජ්‍ය වෙසක් මහෝත්සවයේ බුද්ධ පුජාව….

බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ පැවැත්වෙන් රාජ්‍ය වෙසක් උත්සවය ජාතික රූපවාහිනියේ සජීවීව විකාශය කරමින් තිබියදී සජීවී විකාශනය නවතා දමන ලෙස ඇමති මංගල සමරවීර විසින් ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන වෙත නියෝග කිරීමට පියවර ගෙන ඇත. එම නියෝගය හේතුවෙන් සජීවී විකාශය නවතා දැමීමට ක්‍රියා කෙරිණි.

මෙසේ සජීවී විකාශ අත්හිටුවන අවස්ථාවේ රැස්ව සිටි පිරිස පංචශීලයේ පිහිටුවා ඇත්තේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසිනි. මෙම සිද්ධිය හේතුවෙන් බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා දැඩි කනස්සල්ලට පත්ව ඇති අතර දුරකථනය ඔස්සේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අමතා තම කනගාටුව ප්‍රකාශ කර ඇති අතර රාජ්‍ය වෙසක් කලාපයට වැඩම කර ඉතා මනරම් අටවිසි බුද්ධ පුජාවක් පැවැත්වීම පිළිබඳව නමස්කාර පුර්වක ස්තූතිය උන්වහන්සේට පළකර ඇත.

කෙසේ වෙතත් එම අටවිසි බුද්ධ පුජාවේ වීඩියෝව බුද්ධශාසන අමාත්‍යාංශය Youtube වෙත එක්කර තිබෙනවා.

Related posts

ලංකා සතොස වාහන අවභාවිත කිරීම: හිටපු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මොහොමඩ් මහරූෆ්ට ඇප

colombotoday

නීතිවිරෝධීව මෙරටට ගෙන් වූ කහ තොගයක් පුත්තලමේදී පොලිස් භාරයට

colombotoday

ගාලු පාරෙන් කොටසක් ගිලාබසී

Admin

2021 චීන නොබෙල් ත්‍යාගය මහාචාර්ය මලික් පීරිස්ට

colombotoday

ETCA හරහා අපේ ආර්ථික දේහයම ඉන්දියාව ගිලගන්නවා.. රහසිගත කෙටුම්පතක් දයාන්ගෙන් එළියට

colombotoday

වද සැත්කම් චූදිත දොස්තර : ඉක්මනින් නිදහස් කරන්නැයි ඇමති හලීම් ජනපතිගෙන් ඉල්ලයි…

colombotoday