Colombo Today Local Newsextremism & terrorism activities

2019 මාර්තු පහර දුන් ගාල්ල මිලිදුව මුහයියාදීන් තයිකා පල්ලියට මුස්ලිම් අන්තවාදීන් යලි පහර දෙයි

මීට සුළු මොහොතකට පෙර ගාල්ල මිලිදුව පිහිටි මුහයියාදීන් තයිකා පල්ලියට කඩාවැදුනු මුස්ලිම් මුලධර්මවාදී කණ්ඩායමක් විසින් පල්ලියට සම්බන්ධ සාම්ප්‍රධායික මුස්ලිම්වරුන්ට පහර දී ඇති බව වාර්තා වෙනවා.

වාර්ෂිකව පල්ලියේ පවත්වන දානය වෙනුවෙන් සුදානම් වෙමින් සිටි අවස්ථාවේදී කඩා වැදුණු අන්තවාදී සංවිධානයකට සම්බන්ධ පිරිසක් තමන් ඇතුළු පිරිසට පහර දුන් බව එම ස්ථානයේ සිටි සාම්ප්‍රධායික මුස්ලිම්වරයෙකු අප සමග ප්‍රකාශ කර සිටියේ.

පසුගිය 2019 වසරේ මාර්තු මාසයේදී ද මෙම පල්ලියේ වාර්ෂික දානයක් පවත්මින් සිටින අතර තුර එවැනි දාන ලබාදීම කුරානයට අනුව මුස්ලිම් භත්තිකයන් සිදු නොකළ යුතු බව පවසමින් මුලධර්මවාදී කණ්ඩායම විසින් පල්ලියේ පාලක සභාවේ තිදෙනෙකුට පහර දුන් බව Colombo Today අප වෙබ් අඩවිය වාර්තා කර සිටියා.

2019 වසරේ දී සිදුවූ පහර දීම අප වාර්තා කිරීමෙන් පසුව අංක 120/8/D, තන්ෂීල් පෙදෙස, නුවර පාර, තිහාරිය ලිපිනය සදහන් “එක්සත් තව්හිද් ජමාත්” නැමති සංවිධානයේ ප්‍රධාන ලේකම් ඒ.එල්.එම්. මන්සූර් නමැති අයගේ අත්සනින් යුතුව info@colombotoday.com විද්‍යුත් ලිපිනය වෙත අදාල පුවතේ සදහන්වන පල්ලියේ, එම දිනයේ දානමය කටයුත්තක් සිදුවූ බවත් ඒ අතරතුර පහරදීමක් සිදුවී ඇති බවත් එවැනි දානයක් ලබාදීම කුරානයට සහ නබි නායක තුමන්ගේ ඉගැන්වීමට පටහැනි බවද සදහන් කරමින් ලිපියක් යොමු කර තිබිණි.

ඊයේ (1) රාත්‍රී සිදුවූ පහරදීම පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කල බවත්, පහරදීමට සම්බන්ද මුස්ලිම් අන්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙතැයි බලාපොරොත්තුවෙන් සිටින බවත් පල්ලියේ ප්‍රකාශකයෙකු අප සමග සඳහන් කර සිටියා.

2019 මාර්තු 16 සිදුවූ පහරදීම සම්බන්ධයෙන් අප වාර්තා කල පුවත

“එක්සත් තව්හිද් ජමාත්” සංවිධානය අප වෙත යොමු කල ලිපිය වාර්තා කර සිටි පුවත

Related posts

විකාශන අධිකාරී පනතට විපක්ෂයේ පක්ෂ එරෙවීමට තීරණයක්

Admin

“ඥානසාර හිමිගේ පිරිත් අසා මියපරලොව ගිය අගමැතිගේ අම්මාත් පුතාට සාප කරයි”

colombotoday

ජනතා මුදලින් සැප වාහන ගෙනා මන්ත්‍රී ලිස්ට් එක මෙන්න.. සමහරක් වාහන දැනටමත් විකුණලා !

colombotoday

හිටපු ජනපති ගෝඨාගේ නිවසට දැඩි ආරක්‍ෂාවක්

colombotoday

මුස්‌ලිම් දේශපාලකයෝ අක්‌කර 30000 ක්‌ බලෙන් අල්ලාගෙන – ගලගොඩඅත්තේ ඥානසාර හිමි

colombotoday

මුදල් කාරක සභාවට විපක්ෂයෙන් නාලක ගොඩහේවා

Admin