Colombo Today Local News

දේශපාලන පන්දමට ප්‍රධාන පොලිස් පරික්ෂක උසස්වීම් දීලා

පොලිස්‌ පරීක්‍ෂක නිලයේ රාජකාරි කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්‌දහස්‌ පන්සියයක්‌ පමණ අසාධාරණයට ලක්‌ කරමින් දේශපාලන හිතවත්කම අනුව කනිෂ්ඨ පොලිස්‌ පරීක්‍ෂකවරුන් දහහතර (14) දෙනකු ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නිලයට උසස්‌ කිරීමට පොලිස්‌ කොමිසම පියවර ගෙන ඇතැයි අසාධාරණයට ලක්‌වූ පොලිස්‌ නිලධාරීහු සඳහන් කරති.

මෙම නිලධාරීන් දහහතර දෙනාම රජයේ ප්‍රබල මැති ඇමැතිවරුන්ගේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරීන් බවද ඔවුහු පැවසූහ.

ජනාධිපති හා අගමැති ආරක්‍ෂක අංශයේ රාජකාරි කරන නිලධාරීන් පස්‌ දෙනෙක්‌ද ඒ අතර වන බව පැවසේ.

අදාළ නිලධාරීන්ට පමණක්‌ බලපාන පරිදි ඉකුත් 2017 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි අධි සේවක පදනම මත යෑයි සඳහන් කරමින් පොලිස්‌ කොමිසම මෙම උසස්‌වීම් ලබා දී ඇත.

මෙම තීරණය පිළිබඳ අසාධාරණයට ලක්‌වූ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ පොලිස්‌ පරීක්‍ෂකවරුන් මේ වන විට පොලිස්‌ කොමිසම වෙත අභියාචනයක්‌ද ඉදිරිපත් කර තිබේ.

VOC

Related posts

පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙර තමාට ඒ පිළිබඳව කිසිඳු දැනුවත්වීමක් තිබුනේ නෑ.. හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්

colombotoday

සිංහ කොඩිය එවරස්ට් කඳු මුදුනේ.. ලාංකික කත වාර්තා පොතට එක්වෙයි

colombotoday

කොටි සිරකරුවන් වෙනුවෙන් යාපනේ සරසවි සිසුන් මාරාන්තික උපවාසයක් අරඹයි

colombotoday

විදුලිය ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව සදුදා කැබිනට්ටුවට

colombotoday

මැනිං වෙළඳපොළේ විරෝධතාකරුවන් 11ක් අත්අඩංගුවට

Admin

චන්දිමාල්ගේ රියදුරාට 12500 ක් දඩ

colombotoday