Colombo Today Local News

මහ බැංකුවේ නීති උල්ලංඝනය කරමින් කැසිනෝ රවී SMB Leasing PLC සමාගමේ සභාපති පුටුවේ.

ශ්‍රී මහ බැංකුවේ නීති උල්ලංඝනය කරමින් සුප්‍රසිද්ධ කැසිනෝ ව්‍යාපාරික රවී විජේරත්න SMB Leasing PLC සමාගමේ සභාපති ලෙස කටයුතු කරන බව සඳහන් කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් අද (22) දින පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ පැමිණිල්ල….

අධිපතිතුමා,
ශ්‍රී ලංකා මහ බැංකුව,
කොළඔ 01.

මූල්‍ය ආයතනයක ප්‍රධානියෙකු ලෙස නිසි සුදුසුකම් නොමැති පුද්ගලයෙක් පත්කිරීම සම්බන්ධයෙන් කරනු ලබන පැමිණිල්ලයි.

අංක: 282/1, CBS ගොඩනැගිල්ල, බම්බලපිටිය යන ස්ථානයේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යනු ලබන SMB Leasing PLC යන මුල්‍ය ආයතනයේ සභාපතිවරයා ලෙස හේවාවසම්ගේ රවින්ද්‍රනාත් ශ්‍රී ලාල් විජේරත්න නොහොත් කැසිනෝ රවී පත්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙසැම්බර් 31 වන දින නිකුත් කරන ලද අංක 6 – 2021 දරණ බලපත්‍රලාභි මුල්‍ය ආයතන සදහා ප්‍රධානීන් පත්කිරීමේ මගපෙන්වීමේ ලේඛණය උල්ළංඝණය කරමින් අදාල පත්කිරීම සිදුකිරීම සම්බන්ධයෙන් ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරමු.

හේවාවසම්ගේ රවින්ද්‍රනාත් ශ්‍රී ලාල් විජේරත්න නොහොත් කැසිනෝ රවී යන අය අංක: 09, 15 වන පටුමග, කොළඔ 03. දරණ ස්ථානයේ පවත්වාගෙනු යනු ලබන ස්ටාර් ඩස්ට් රෑන්ක් එන්ටර්ටේට්මන්ට් හෝල්ඩින් ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරනු ලබයි. උක්ත ආයතනය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන හත්සිය හැටක බදු මුදලක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් 2020-07-24 දින කොළඔ මහේස්ත්‍රාත්තුමා වෙත වාර්තා කරමින් නඩු පවරා ඇත.

මෙවැනි පුද්ගලයෙකු බලපත්‍රලාභී මුල්‍ය සමාගමක ප්‍රධානියෙකු ලෙස කටයුතු කිරීම පාරිභෝගිකයින්ට සිදු කරනු ලබන විශාල අගතියක් වන බැවින් හේවාවසම්ගේ රවින්ද්‍රනාත් ශ්‍රී ලාල් විජේරත්න නොහොත් කැසිනෝ රවී යන අය SMB Leasing PLC යන බලපත්‍රලාභී මුල්‍ය සමාගමේ සභාපතිතනතුරෙන් ඉවත් කිරීම සදහා නිර්දේශ නිකුත් කරන ලෙස ඔබතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

පවතින නීති හා රෙගුලාසි වලට අනුව එසේ කටයුතු කිරීමට ඔබ අපොහොසත් වුවහොත් ඔබට විරුද්ධව නීති ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද දන්වමු.

මීට විශ්වාසී,
රංජිත් විතානගේ – සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

දංකොටුව සතිපොළ මුස්ලිම් වෙළෙද ප්‍රජාවට තාවකාලිකව තහනම් කරන ලෙසට වෙන්නප්පුව ප්‍රා.ස. සභාපති ඉල්ලයි

colombotoday

බංගලාදේශයට ණය ඩොලර් මිලියන 200න් කොටසක් ගෙවයි

Admin

රට කෑලි හතරකට කඩන බව ජිනීවා ගිය ශිවාජිලිංගම් පවසයි…

colombotoday

රාජිත රකින්නේ කවුද? සුදත්ත හිමිගෙන් හෙළිදරව්වක්. 2015දී වගේ 2019දීත් අපිට වැරදුනා ?

colombotoday

පොර්ට් සිටි පනතට එරෙහිව “සිරසෙන් වොයිස් කට්” මෙහෙයුමක්. | සිවිල් සංවිධාන ක්‍රියාකරුවන්ට ඇමතුම්.

colombotoday

වැට් 15% දක්වා ඉහළට, දැන් ක්‍රියාත්මකයි.. දුරකථන, අන්තර්ජාල බද්ද 48% තෙක් නගී

colombotoday