Colombo Today Local News

විජේදාස රාජපක්ෂට ඇගිල්ලේ තරම දැනගන්න පුලුවන් වෙයි. | රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ කියයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි විජේදාස රාජපක්ෂ මහතාට ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙකු නෙවී රටක් සෑදිය නොහැකි බවත් ඒ මහතා බලාපොරොත්තු වන පරිදි ජනාධිපති පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ දිනක විජේදාස රාජපක්ෂ මහතාට තමන්ගේ ඇගිල්ලේ තරම දැනගත හැකි බව සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසූහ.

අද (23) සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් රාජ්‍ය ඇමති වරයා එසේ ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙසේද කීය.

කිසිම ප්‍රතිපත්තියක් නැති පුද්ගලයෙක් කොහොමද රටක ප්‍රථිපත්තියක් හදන්නේ. ඉස්සෙල්ලා තමන්ගේ ජීවිතේ ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. තමන්ට අරමුණක් තියෙන්න ඕනේ. තමන්ගේ අරමුණ අනිත් සියලු දෙනාම වල පල්ලට දාලා රටත් වලපල්ලට දාලා ජනාධිපති වෙන්න හදන එකනම් ඒක කොහොමද වෙන්නේ. ඉස්සෙල්ලාම ජනාධිපතිවරයා හෝ තනතුරක් ලැබීමටන්ම් ප්‍රධාන සුදුසුකම වන්නේ තමන් ප්‍රතිපත්තිගරුක මනුෂ්‍යයෙක් වෙන්න ඕන එකයි. තමන් ප්‍රතිපත්තිගරුක මනුෂ්‍යයෙක් නොවී කොහොමද රටක් හදන්න යන්නේ. අඩුම ගානේ එතුමට පුලුවන් වුනාද එතුමා නියෝජනය කරන කොළඹ දිස්ත්‍රීකය තුළවත් ප්‍රථිපත්තිමය වෙනසක් සිදු කරන්න.

එතුමා පොඩි කාලයක් ආණ්ඩුවක ඉන්නවා. එතනින් තරහා වෙනවා. ඇමතිකම අතහරිනවා. අතහැරලා ආපහු එතුමාම ගිහින් වැදලා ඇමතිකම ගන්නවා. ඊට පස්සේ ආපහු බලපෙරලියකදී බලය ලබා ගන්න පක්ෂයට මාරු වෙනවා. ඊට පස්සේ ඒතන ඇතුලේ තනතුරු නොලබුණාම අනිත් තැනට යනවා. ඒ නිසා ඉස්සෙල්ලාම එතුමාට එහෙම සියුම් බලාපොරොත්තුවක් හරි තියෙනවානම් එතුමා අද පටන් ප්‍රතිපත්තිගරුක මනුෂ්‍යයෙක් හැටියට ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ.

Related posts

සජිත් මුහුදු මහා විහාරය මගහරින්නේ ඇයි?

colombotoday

තදබදයට පිළියම් නැති කමෙන් කොළඹ ගමන් ඉබි ගමනේ. ධාවන වේගය පැයක කි.මි. 6ට අඩුවන ලකුණු.

colombotoday

පාර්ලිමේන්තුව 14 කැඳවූ පසු සිද්ධවෙන දේ කතා නායක කියයි

colombotoday

පොලිස් නිලධාරීන් තිදෙනෙකුට පරහදී කඳුළු ගෑස් උණ්ඩ 50ක් පැහැර ගත් සැකකරු අත්අඩංගුවට

colombotoday

ඉහල වත්කම් ඇති පුද්ගලයින් පිලිබද ආදායම් දෙපාර්තමේන්තුවේ අවධානය

Admin

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday