සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරක් ලබා දිය යුතු බවට ඉදිරිපත් වූ යෝජනාවකට එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දැඩි විරෝධය එල්ල වී ඇත.
පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවති එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන හමුවේදී මෙම යෝජනාව කර ඇත්තේ අමාත්‍ය සාගල රත්නායක මහතා විසිනි.
රාජිත සේනාරත්න අමාත්‍යවරයා සහ චතුර සේනාරත්න මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයට එක්වීමට මේ වන විට කැමැත්ත පලකර තිබේ.