Colombo Today Local News

පොළොන්නරුවේ ඉපැරණි මානව ජනාවාසයක්

පොළොන්නරුව ඇතුළු නගරය පැවති ප්‍රදේශය ඊට පෙර ඉපැරණි මානව ජනාවාසයක්ව පැවති බවට තොරතුරු අනාවරණ වී තිබේ.

කැලණිය විශ්වවිද්‍යාලය හා ඔස්ට්‍රේලියාවේ ලාසෝබ් විශ්වවිද්‍යාලය ඒකාබද්ධව කළ පර්යේෂණයට සමගාමීව භූ අභ්‍යාන්තරය දක්වා සිරස්ව සිදුකළ පස් සාම්පල ලබා ගැනීමකදී ය.

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ මෙය පොළොන්නරුව ඉතිහාසයේ ඉතා වැදගත් හෙළිදරව්වක් වනු ඇති බවයි.

මේ අතර , පොළොන්නරුව ඇතුළු නගරයේ ස්කෑන් යන්ත්‍ර මගින් භූ අභ්‍යන්තර පරීක්ෂාවේදී සොයා ගත් ගොඩනැගිලි අවශේෂ කැනීම් කිරීමට තීරණය කර තිබේ.

ලබන ජූනි මාසයේදී එම කැනීම ආරම්භ කිරිමට නියමිත බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

Related posts

ජනතාවට රිලව් එක්ක මාස 6ක් ඉන්න බැරිකමක් නෑ

Admin

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු නැවත ඇරඹෙයි

colombotoday

පළාත් කිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

“ඒකාබද්ධ විපක්ෂයෙන් මැරෙන තුරු පළිගන්නවා“ TOP 10 අංක 3 කණ්ඩායම සටන අරඹයි

colombotoday

නිදහස් උත්සවයේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණයි !

colombotoday

බන්ධනාගාර තුළ මෙහෙයුම්වලින් ජංගම දුරකථන 5,000 ක් අත්අඩංගුවට

colombotoday