අද (19)දින සිට සියලු බෝවන රෝග පාලන රාජකාරි කටයුතුවලින් ද සිය සංගමය ඉවත් වීමට තීරණය කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ තම සංගමයේ ගැටලු විසඳීමට පියවර නොගන්නේ නම් ඉදිරියේ දී වර්ජනයකට වුව ද සූදානම් බවය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙරේදා (17)දින දහවල් සිට කොවිඩ්-19 පාලනයට අදාළ සියලු රාජකාරීවලින් ද ඉවත්වීමට තීරණය කළේය.