Colombo Today Local News

පැපුවා නිව් ගිනියාවේ ගෝත්‍රික ගැටුමේ නවතම තොරතුරු

පැපුවා නිව් ගිනියාවේ හයිලන්ඩ්ස් ප්‍රදේශයේ, ගෝත්‍රික ගැටුමකදී සිදු වූ වෙඩි තැබීමකින් තවත් පුද්ගලයින් රැසක් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිදුවීම නිසා ගත වුණු සතිඅන්තයේ එහි එංගා පළාතේ පුද්ගලයින් 64 දෙනෙකු ජීවිතක්ෂට පත්ව ඇතැයි බලධාරීන් මුල්වරට සඳහන් කර තිබේ.

නමුත් පසුව නිකුත් කෙරුණු වාර්තාවල දක්වා ඇත්තේ, වැරදි ලෙස සිදු වූ ගණනය කිරීමක් හේතුවෙන් එම මියගිය සංඛ්‍යාව 26ක් ලෙස සංශෝධනය විය යුතු බව ය.

හයිලන්ඩ්ස් ප්‍රදේශය දිගු කලක් ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පීඩා විඳ තිබුණ ද මෙම ඝාතන වසර ගණනාවකට පසු එහි සිදු වූ දරුණුතම ඝාතන බව විශ්වාස කෙරේ.

මහා පරිමාණයෙන් නීතිවිරෝධී ගිනි අවි ගලා ඒම හේතුවෙන් ගැටුම්වලදී සිදුවන ජීවිත අහිමිවීම් ඉහළ ගොස් ඇති අතර එමගින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම ද උත්සන්න වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ හේතුවෙන් පසුගිය වර්ෂයේ ජූලි මාසයේදී එංගා පළාත මාස තුනක කාලයක් වසා දැමීමට සිදු වූ බව ත් එම කාලය තුළ පොලිසිය ඇඳිරි නීතිය සහ සංචරණ සීමා පැනවීමට කටයුතු කළ බව ත් එම වාර්තාවල දැක්වේ.

මෑතකාලීන ගැටුම් සඳහා ගෝත්‍ර 17ක් සම්බන්ධ වී ඇති හෙයින් සාමය ආරක්ෂා කිරීම ආරක්ෂක හමුදාවන්ට පැවරී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබින.

Related posts

සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදු සම්බාහන මධ්‍යස්ථාන 05ක් වටලයි

colombotoday

ඉංග්‍රීසි භාෂාව සහ තමනට රට හදන්න බැරි නිසා මාස 3 ක් එන්නේ නෑ කියූ චාමර සම්පත් ඊයේ මැතිසබේ

colombotoday

මහින්දගෙ ආණ්ඩුව කොතරම් හොදද.. කෙටි කලකින් ජනතාවට එපාම වුණු ආණ්ඩුව මේ යහපාලන ආණ්ඩුවයි

colombotoday

ජාතික ආණ්ඩුවක් හැදීම බලු වැඩක්…

colombotoday

කොරෝනා ආසාදිතයින් වැඩිම ගම්පහ

colombotoday

මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ අය වැය පොහොට්ටුව පරදී. – සභාපති පැන යයි. උප සභාපති බලය අල්ලයි.

colombotoday