Colombo Today Local News

ස්වාධීන වූ කණ්ඩායම් සභාගර්භය මැදට පැමිණ පාර්ලිමේන්තුවේ දී බහුතරය පෙන්වීමේ සුදානමක.

පාර්ලිමේන්තුවේ ආණ්ඩුවෙන් ස්වාධින වූ කණ්ඩායම් සහ විපක්ෂ කණ්ඩායම් එකතුවී අද දින පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්වීමේ සුදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

පසුගියදා ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම, විමල් විරවංශ ඇතුළු පක්ෂ 11 ක ස්වාධීන වූ කණ්ඩායම සමගින් ඩලස් අලහප්පෙරුම සහ චම්පික රණවක යන මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් අද දින එකට එකතුවීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

මෙයට අදාලව ඊයේ දින මන්ත්‍රීවරු කිහිපදෙනෙකුගේ කොළඹ නිවෙස්වලදී සාකච්ඡා පවත්වා ඇත.

අද (8) දින සභා ගර්භය මැදට මෙලෙස ස්වාධීන වූ මන්ත්‍රීවරු පැමිණීමට නියමිත බවත් නව රජයක් පිහිටුවීම සඳහා දෙමල ජාතික සන්ධානයේ සහයෝගය ලබා ගැනීමටත් මෙම කණ්ඩායම සුදානමින් සිටින බවටත් වාර්තා වේ.

Related posts

එක්නැළිගොඩ ඝාතනයට අණ දුන් ලොක්කෙක් ළගදීම අත්අඩංගුවට ?

colombotoday

නඩත්තු නොදී බේරෙන්න බිරිඳගේ හිසට මන්නෙන් කොටලා

colombotoday

එංගලන්ත යුවළකගේ වටිනා දේපල දමා තිබූ සේප්පුව සොරා ගෙන

Admin

පානදුර මෝදර විල සුනාමි නිවාස සංකීර්ණය හුදකලා කරයි

colombotoday

කන්කසන්තුරේ ජයත් සජිත්ට…

colombotoday

හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් කිසිවිටෙකත් බලපෑම් කළේ නෑ – යුධ හමුදාපති මහේෂ් සේනානායක දැන් කියන කතාව

colombotoday