Colombo Today Local News

ජනපතිට බාලගිරි.. දවස් තුනෙන් කියවූ වාර්තාව පාර්ලිමේන්තුවට දෙන්න සතියක් කල් ඉල්ලයි.. මැතිසබේ ගිණියම් වෙයි

බැදුම්කර නිකුතුවේදී සිදුවූ අක්‍රමිකතාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සතියක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවට දැන්වීය.

බැදුම්කර වාර්තාව ගැන විවාද කිරීම සදහා අගමැතිවරයා විසින් කරනු ලැබූ විශේෂ ඉල්ලීම මත අද කැදවනු ලැබ ඇති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් කතානායකවරයා මේ බව දන්වා ඇත.

ඊයේ පස්වරුවේ පැවති පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය වී ඇත්තේ බැදුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට අද දිනයේ ඉදිරිපත් කිරීමටත් එය ඉදිරිපත් වූ පසු විවාදය පැවැත්වෙන දිනය තීරණය කිරීමටත්ය.

අගමැතිවරයා විසින් අද දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළ අතර ඊට විරෝධය පලකරමින් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු සභා ගැම මැදට පැමිණ විරෝධතා දැක්වීම නිසා උණුසුම් තත්ත්වයත් අතිවිය. මේ හේතුවෙත් පාර්ලිමේන්තුව කල් තැබීමට කතා නායකවරයාට සිදුවිය.

බැදුම්කර කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා සතියක් කල් ඉල්ලන ජනාධිපතිවරයා, පිටු එක්දහස් පන්සියයකට වැඩි එම වාර්තාව දින තුනක් ඇතුළත කියවා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ කෙසේද යන්න දේශපාලන ක්ෂේත්‍රයේ කතා බහට ලක්වෙති.

Related posts

වෙළෙඳපොළේ කිසිදු ගෑස් හිඟයක් නැහැ – ලාෆ්ස් ගෑස් සමාගම කියයි

Admin

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අදයි

colombotoday

රංජන් සමග ඩිල්ෂානුත් එකතු වෙයි මහමැතිවරණයට තරඟ කරන්නෙ මෙහෙමයි

Admin

හොරොව්පතානේ අරාබි පාසලක දරුවන්ට ඉගැන්වූ අන්තවාදී දේශන ඇතුලත් සීඩි 46ක් අත්අඩංගුවට

colombotoday

දේශපාලකයන් ගැන අළුත්ගම ධම්මානන්ද මහානාහිමියෝ ඥාණසාර හිමිට කී කතාව (Video)

colombotoday

කථානායකටත් කොරෝනා

colombotoday