රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රාවණා බලය සංවිධානයේ සභාපති ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ඇතුළු හිමිවරුන් බැහැ දැකීම සදහා ජාතික නිදහස් පෙරමුණේ ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරයට ගොස් තිබෙනවා.
එහිදී ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ද බැහැදැක සුව දුක් විමසා ඇති මුසම්මිල් මහතා එහිමියන් සමග පැය බාගයකට ආසන්න වෙලාවක් කතා බහ කළ බවයි වාර්තා වන්නේ.