Colombo Today Local News

මල්වතු හිරිපිටිවල හිමි නමක් ඝාතනය කිරීම සම්බන්දයෙන් සැකකරුවන් අත්අඩංගුවට

ඉකුත් ජනවාරි මස 23 දින මල්වතු හිරිපිටිවල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් වෙඩි තබා ඝාතනය කිරීමක් සිදුවී තිබුනි.
ඒ සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර සිටියේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ (07) රාත්‍රී සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

විමර්ශනවලදී අනාවරණය වූයේ අත්අඩංගුවට ගත් සැකකරු ඝාතනය සඳහා යොදාගත් මෝටර් රථය ලබාදුන් පුද්ගලයා බවයි.

සැකකරු සතුව තිබී ඝාතනය සඳහා යොදාගත් ටී – 56 ගිනිඅවිය ද සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

සැකකරු 29 හැවිරිදි හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සදහන්.

පසුගිය ජනවාරි මස 23 වන දින මල්වතු හිරිපිටිවල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ පූජ්‍ය කලපළුවාවේ ධම්මරතන හිමි ඝාතනයට ලක් වූ අතර මෝටර් රථයකින් පැමිණි පිරිසක් එම ඝාතනය සිදුකළ බවට අනාවරණය වී තිබිණි.

මෝටර් රථයකින් පැමිණි සැකකරුවන් 04 දෙනෙකු හිමිනමට වෙඩිතබා පළා ගොස් තිබූ අතර වෙඩිවැදීමෙන් බරපතළ තුවාල ලැබු හිමිනම ගම්පහ රෝහලට ඇතුළත් කෙරුණි.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිමිනම අපවත් වූ අතර, එලෙස අපවත්වී ඇත්තේ 45 හැවිරිදි, කළපළුවාවේ ධම්ම රතන නැමති කහටාන, ඝනාරාම මහා විහාරස්ථානයේ වැඩසිටි හිමිනමක් බව පැවසෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් මල්වතු හිරිපිටිය පොලීසිය තවදුරටත් විමර්ශන සිදුකරයි

Related posts

මූල්‍ය අරමුදලත් දැන් තාලය වෙනස් කරලා – කිරිඇල්ල මූල්‍ය අරමුදලින් ප්‍රශ්නයක් අහයි

Admin

සුරා බද්දේ හිඟ මුදල් මිලියන ගණනක් දෙපාර්තමේන්තුවට ගෙවා නැහැ

colombotoday

විශ්වාසභංගයේදී මන්ත්‍රීලා සල්ලිවලට විකිණිච්ච හැටි ඇමති දයාසිරි හෙළිකරයි

colombotoday

රත්මලානේ අංජුගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

colombotoday

ලංකාව ඔරුමිත්ත නාඩුවක්‌ නොකරනු! – ජාතික සමුළුව අද

colombotoday

ෆොන්සේකාගේ අවළාදයට ඇල්ලේ ගුණවංශ හිමිගේ නෙතට කදුළක් උනයි… දැඩි ප්‍රකාශයකුත් කරයි

colombotoday