Colombo Today Local News

මේ රටට ලැබිල තියෙන ලොකුම තෑග්ග බුද්ධාගමයි. එය ආරක්ෂා කර ගැනීම අපි හැමෝගෙම වගකීමක් – කාදිනල් තුමා කියයි.

බුද්ධාගමෙන් පිරුණු රටක් හැටියට ඉන් ලැබුණු ආභාෂය වෙනත් ආගම් ඇදහුව ද අපට ශක්තියක් හා පන්නරයක් බවත්, අපේ රටේ දේශපාලන නායකයන්ද එය තේරුම් ගත යුතු බවත් මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුතුමෝ පැවසූහ.

නායකයන් හැටියට ගන්න හැම තීරණයක්ම ආගමික චින්තනයට ගැළපෙන ලෙස ගත යුතු බවද අගරදගුරුතුමෝ ඊයේ (31 වැනිදා) අවධාරණය කළහ.

පයාගල මලේගොඩ පුෂ්පාරාමාධිපති, බෙන්තර වලල්ලාවිටි කෝරලයේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටකාචාර්ය මලේගොඩ නන්ද නාහිමියන්ගේ හැත්තෑ වැනි ජන්ම දිනය නිමිත්තෙන් පැවති සාංඝික දානමය පින්කමට සහභාගී වූ අගරදගුරුතුමන් අභිනව ධාතූ මන්දිරය වෙත ගොස් පුෂ්පෝපහාරද දැක්වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මැල්කම් රන්ජිත් කාදිනල් අගරදගුරුතුමෝ මෙසේද පැවසූහ.

ජාතික අනන්‍යතාව ආරක්ෂා කරන ඉතාම උතුම් චරිත හැටියට ශ්‍රී ලංකාවේ සංඝයා වහන්සේලා හැඳින්විය හැකියි. මම හඳුනා ගෙන තියෙන හැම භික්ෂූන් වහන්සේ නමක්ම ඉතාම ආදරයෙන් මම සිහි කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මය වටහා ගන්නට මේ භික්ෂූන් වහන්සේලා ගෙන් මට ලැබෙන ශක්තිය මේ යයි කියා කියන්න අමාරුයි. උන්වහන්සේලාගේ ජීවිත තුළ දකින ඒ බුද්ධාලම්බන ආදරය අපගේ ජීවිතවලටත් බලපානවා. මෙය ​බෞද්ධ රටක් නෙවෙයි කියා කිසි කෙනෙකුට කියන්නට බැහැ. එහෙම කියන අය මෝඩයි. අපි ඒගැන අනුකම්පා කරනවා මිසක් ඒ අයට වෛර කරන්නේ නෑ. ​මේ රට බුද්ධාගමෙන් පිරුණු රටක් හැටියටයි මම දකින්නේ. ඒ ආභාෂය අපිට ලැබෙනවා. වෙනත් ආගම් ඇදහූවත් අපිට ඒ අභාෂයෙන් ශක්තියක් පන්නරයක් ලැබෙනවා.

අපේ රටේ දේශපාලන නායකයො එය තේරුම් ගත යුතුයි. මේ රටට ලැබිල තියෙන ලොකුම තෑග්ග මේ බුද්ධාගමයි. එය ආරක්ෂා කර ගැනීම අපි හැමෝගෙම වගකීමක් හැටියටයි මම දකින්නේ.

Related posts

“රටට හෙණ ගැහුවත් අගමැතිට විහිළු.. ඔහු කවටයෙක් වෙලා” – ජී.එල්. පීරිස්

colombotoday

වේල්ල වීදියෙන් හමු වූ හිස නැති තරුණියගේ DNA පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි

colombotoday

වරාය අධිකාරිය රු. බිලියන 11ක වාර්තාගත ලාභයක් උපයයි

colombotoday

මුතුහෙට්ටිගමට එරෙහිව අගමැති අවි ඔසවයි.. ආණ්ඩුවෙන් නෙරපන්න යයි !!

colombotoday

මහින්ද අගමැති කිරීමට එරෙහි පෙත්සම් විභාගයේ තීන්දුව දීමට සූදානම්…

colombotoday

නිමක් නැති දඩයමක්: එක්නැලිගොඩ පැහැරගත්තා කියා තවත් බුද්ධි අංශ නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday