Colombo Today Local NewsTop Stories

ජනපති ලන්ඩනයේදී මුස්ලිම් සංවිධාන දෙකක් සමග විශේෂ සාකච්ඡා

පොදුරාජ්‍ය මණ්ඩල නායකත්ව හමුවට සහභාගීවීම සඳහා බ්‍රිතානයේ ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් සංවිධාන 2 ක් සමඟ විශේෂ සාකච්ඡා දෙකක් සිදුකර තිබෙනවා.
මෙලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සාකච්ඡා කර ඇත්තේ “කොස්මෝස් යූකේ” සහ “ශ්‍රී ලංකන් මුස්ලිම් ඩයස්පෝරා ඉන් යූකේ” යන මුස්ලීම් සංවිධාන දෙක සමගින් බවයි ලන්ඩන් නුවරින් වාර්තා වන්නේ.

මුස්ලිම් සංවිධාන දෙක සමග එකවර සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා සුදානම් වුවත් එම සංවිධාන දෙක එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එකම හෝටලයක කාමර දෙකක සිට ජනාධිපතිවරයා ඔවුන් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා. එහිදී පැවැත්වුණු පළමු හමුවේදී එක් අයෙකු මහනුවර සිදුවීම පදනම් කරගෙන ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න අසමින් ලංකාව තුළ මුස්ලීම් – සිංහල ජනතාවට එකට විසීමට හැකි පසුබිමක් නොමැති බවට අදහස් දක්වන්නට ගෙන ඇත.

එකට ඉඳගෙන සාකච්ඡා කරන්න බැරි ඇයි ?

එහිදී ජනාධිපතිවරයා සිය ස්ථාවරය සඳහන් කරමින් පෙන්වා දී ඇත්තේ රටින් පිටත සිටියදී එකම පාර්ශවයක් නියෝජනය කරන ඔබලාට එක සාකච්ඡා සභාවක සිට අදහස් හුවමාරු කර ගැනීමට නොහැකිව සිට ලංකාවේ සිදුවූ සිදුවීම සම්බන්ධව දක්වන අදහස නිවැරදි නොවන බවය.

මහනුවර සිදුවීමට අදාළ නීතිමය කටයුතු අකුරට සිදුවෙමින් ඇති බවත් වැරදි කළ සියලු දෙනාට එරෙහිව භේදයක් නොමැතිව නීතිය ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

ස්ථිරසාර සංහිඳියාවක් වෙනුවෙන් ආණ්ඩුව කැපවෙනවා

එසේම විදෙස් රටක සිටින අතර ලංකාවේ තත්ත්වය සම්බන්ධව අදහස් දැක්වීමේදී එය වගකීමෙන් සිදුකළ යුතු බවත් මේ වන විට මහනුවර පමණක් නොව ලංකාවේ සියලු ප්‍රදේශ වල ජනතාව සමඟියෙන් සිටින බවත් ස්ථිරසාර සංහිඳියාවක් ඇතිකරලීම වෙනුවෙන් ආණ්ඩුව කැපවී සිටින බවත් සඳහන් කර ඇත.

ඥානසාර හිමි අපේ දූත මණ්ඩලයේ සාමාජිකයෙක් නොවෙයි !

මෙහිදී අදාළ සංවිධාන දෙකෙහිම නියෝජිතයන් එකම ස්වභාවයේ ප්‍රශ්න ජනාධිපතිවරයා වෙත යොමුකර තිබෙන අතර එහිදී ජපාන සංචාරය සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දූත කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස ඊට එක්වුවාද යන ප්‍රශ්නයද ජනාධිපතිවරයාට යොමුකර ඇත.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ තම දූත කණ්ඩායමේ නාම ලේඛනය ඕනෑම අයෙකුට පරීක්ෂා කර බැලිය හැකි බවත් එවැනි නමක් එහි සඳහන්ව නොමැති බව ඒ හරහා තහවුරු කර ගැනීමට හැකියාව තිබෙන බවය.

එසේම අදාළ හිමිනම හමුවුයේ උන්වහන්සේ ඒ වන විටත් ජපානයේ සංචාරයක නිරතව සිටින අතර ජපානයේ වෙසෙන භික්ෂුන් වහන්සේලා පිරිසක් සමඟ පැවති වැඩ සටහනකදී බවද එසේ සහභාගීවූ හිමිනමක් බැහැදැකීම ප්‍රතික්ෂේප කිරීම තමන්ගේ ක්‍රමය නොවන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

අපි වැඩ කල ආකාරය ගැන එක්සත් ජාතීන් පවා පැසසුවා !

තවද සිංහල – මුස්ලීම් ගැටුම් සම්බන්ධව අතිශෝක්තියෙන් කතා කිරීමට වඩා වැදගත් වන්නේ ඒ ප්‍රජාවන් අතර තිබෙන ඓතිහාසික සම්බන්ධය වඩාත් සාමකාමී පරිසරයක් තුළ තබාගෙන ඉදිරියට යාම බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

එහිදී සිංහල – මුස්ලීම් වාර්ගික සංහිඳියාව සම්බන්ධව වැඩිදුරටත් විමසන විට ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ සමාජ ජාල අවහිර කරමින් පවා ඒ අවස්ථාවේ ලංකා ආණ්ඩුව ගැටුම් පැතිර යාම සහ කඩාකප්පල්කාරී ක්‍රියා අවම කිරීමට කැපවූ බවත් එක්සත් ජාතීන්ගේ නායකයන් පවා තම ආණ්ඩුව කටයුතු කළ ආකාරය පිළිබඳව පැසසුමට ලක්කර ඇති බවය.

තීතිය හමුවේ කාටත් භේදයක් තිබුණේ නෑ

එසේම මහනුවර සිදුවීමට අදාලව වැරදි ලෙස සමාජ ජාල භාවිතා කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් බාලවයස්කාර දරුවන් දෙදෙනා ගෙන් එක් අයෙකු සිංහල වන විට අනෙක් කෙනා මුස්ලීම් බවත් ඔවුන් දෙදෙනාම සම්බන්ධව එක සමාන ආකාරයට නීතිය ක්‍රියාත්මක කර අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

සංහිඳියාව ස්ථාවර කරගන්න ඩයස්පෝරාවත් සහය දෙන්න

එසේම රෝහින්යා අර්බුදයට සාපේක්ෂව ලංකාවේ තත්ත්වය ඉතාම යහපත් බවත් ඉදිරියේද කිසිඳු ජන කොටසකට හානියක් නොවන ආකාරයට සංහිඳියාව ශක්තිමත් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් ඩයස්පෝරා වැසියන් ලෙස එම කටයුත්තට තම ආණ්ඩුවට සහය දෙන ලෙසද ජනාධිපතිවරයා එහිදී විවෘත ආරාධනයක්ද සිදුකර ඇත.

මෙහිදී තවත් අයෙකු සමාජ ජාල අවහිර කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම මාධ්‍ය මර්දනයක් බව සඳහන් කරමින් අදහස් දැක්වීමට යාමේදී සභාවේ සිටි අනෙක් පිරිස් ඔහු ට එරෙහිව අදහස් දැක්වූ බවත් ප්‍රශ්නයක් ඔඩුදුවන්න යාමේදී එය වැළක්වීම සඳහා උපක්‍රමයක් ලෙස එම අවහිරය පිළිගත යුතු බව ඔවුන් පෙන්වා දී ඇත.

Related posts

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක දුම්රිය වර්ජනයක්

colombotoday

ත්‍රස්තවාදීන් හා ඔවුන්ගේ සහයකයන් සමග අපට කිසි ගනුදෙනුවක් නැත – ත්‍රස්තයන් මර්ධනය කරන හැටි පූටින්ගෙන් ඉගෙන ගන්න…

colombotoday

වූහාන් සිට ආ සිසුන් දියතලාවේදී නිදහස සමරයි !

colombotoday

‘මේ සතිය තුළ කොවීඩ් එන්නත නොදුන්නොත් බස් දුවන්නේ නෑ’

colombotoday

මගේ අමාත්‍යාංශය කෑලි හයකට කඩලා.. දේශපාලන ගේම් !

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ හදිසි සෝදියකදී ජංගම දුරකථන ඇතුළු උපකරණ තොගයක් සොයා ගැනේ

colombotoday