දේශීයත්වය, අපේ උරුමයන්, අපේ සංස්කෘතිය ඇතුළු කිසි දෙයක් රනිල් වික්රමසිංහ තුල නොමැති බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා අද පැවති ශ්රිනිප සමළුවේදී පැවසීය.
එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ ගෞරවනීය පක්ෂය රනිල් වික්රමසිංහ නැති කල බවත් මීට ඉහත සිටි එජාප නායකයින් රටට ආදරය කල බවත් අන්ත දක්ෂිනාන්තික නව රිබරල්වාදී රනිල්ට මේ කිසිවක් දැනෙන්නේ නැති බවද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.
ඉදිරි සතියක් ඇතුලත මේ පවතින දේශපාලන අර්බුදය නැති කරන බවට ජනතාවට පොරොන්දු වන බව සඳහන් කර සිටි ජනාධිපතිවරයා මේ රටේ සියලු දේශපාලන නායකයින්ට සාමයේ දෑත දික් කරන බවද පැවසීය.