Colombo Today Local NewsTop Stories

පාස්කු සැමරුම දා සිරිසේන CID කැඳවයි

දේශපාලනඥයින් ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකුට ජනාධිපති අරමුදලින් මුදල් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.

ආරංචි මාර්ග වාර්තා කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපතිවරයාගෙන් පැය කිහිපයක් ප්‍රශ්න කර තිබෙන බවයි.

උක්ත කරුණ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි දෙවැනි අවස්ථාව මෙයයි.

මීට පෙර ඉකුත් අප්‍රේල් 7 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ඔහුගෙන් පැය හතරක පමණ කාලයක් ප්‍රශ්න කර තිබිණි.

සටහන – Chalana

Related posts

‘සිනොපෙක්’ ඉන්ධන මෙහෙයුම් ජූලි මස අරඹයි

Admin

ආහාර විෂ වී ඇඟලුම් සේවිකාවන් 114 රෝහල්ගත කරයි

Admin

අගමැති මහින්දගේ 76 වන ජන්ම දිනය අදයි

colombotoday

නිවසට කඩා වැදි තිදෙනෙක් පොල්තෙල් ව්‍යාපාරිකයාට වෙඩි තබා මරලා

Admin

ව්‍යවස්ථා නිර්දේශ ප්‍රසංශනීයයි.. ෆෙඩරල් නෑ.. අනාගමික නෑ.. පරාජිතයින් බොරු බිල්ලෙක් මවනව – JHU

colombotoday

ලාෆ්ස් ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම ඇරඹෙයි

colombotoday