Business

ගෑස් නැත්නම් සිලින්ඩරේ අරගෙන ඩිපොසිට් එක ආපසු දෙන්න. – රංජිත් විතානගේ

වෙළදපොලේ ගෘහස්ත ලාෆ් ගෑස් නොමැතිවීම හේතුවෙන් පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වීම වැලැක්වීම සඳහා ගෑස් සිලින්ඩරය ආපසු ලබාගෙන ඒ සඳහා පාරිභෝගිකයන්ගෙන් ලබාගෙන ඇති තැන්පතු මුදල ආපසු ගෙවීමට වැඩපිළිවෙලක් යොදන ලෙස දන්වමින් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමු කර ඇත.


අදාළ ලිපිය…

බන්දුල ගුණවර්ධන මහතා
වෙළද හා සමූපකාර කටයුතු අමාත්‍ය
වෙළද හා සමුපකාර කටයුතු අමාත්‍යාංශය ,
කෙළඔ 02.

අමාත්‍යතුමණි

වෙළදපොලේ ගෘහස්ත ලාෆ් ගෑස් නොමැතිවීම

මෙරට ගෑස් පාරිභෝගිකයින් ලාෆ් ගෑස් සමාගමෙන් ගෘහස්ත ගෑස් සිලින්ඩර සදහා මුදලක් තැන්පත් කරමින් අදාල ගෘහස්ත ගෑස් සිලින්ඩර ලබාගෙන ඇත. එහෙත් පසුගියදා අදාල සමාගම නිවේදනය කළේ තම සමාගම වෙළද පොළ වෙත ගෑස් ගෘහස්ත ගෑස් නිකුත් නොකරන බවයි. එහෙත් එහිදී අදාල සමාගම එම සමාගමෙන් ගෘහස්ත ගෑස් සිලින්ඩර සදහා මුදල් තැන්පත් කරමින් ගෘහස්ත ගෑස් සිලින්ඩර ලබාගත් පාරිභොගිකයින් පිළීබදව කිසිදු සදහනක් කර නොමැත.

අදාල සමාගමේ ක්‍රියාකලාපය නිසා මෙරට දහස් ගණනක් ගෘහස්ත ගෑස් පාරිභෝගකියින් අසාධාරණයට පත්ව ඇත. එම සමාගම තවදුරටත් ගෘහස්ත ගෑස් නිෂ්පාදනයේ නිරත නොවන්නේ නම් පාරිභෝගකියින් විසින් මුදල් තැන්පත් කරමින් ලබාගත් ගෘහස්ත ගෑස් සිළීන්ඩර නැවත සමාගම වෙත ලබාගෙන පාරිභෝගකියින් ගෘහස්ත ගෑස් සිළින්ඩර සදහා තැන්පත් කල මුදල් නැවතත් ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස අදාල සමාගමට දැනුම් දෙන ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින අතර මෙම අසීරු අවස්ථාවේ මෙරට ගෘහස්ත ගෑස් පාරිභොග්කියින්ට නැවත මුදල් තැන්පත්කරමින් වෙනත් සමාගමකින් ගෘහස්ත ගෑස් සිළීන්ඩරයත් ලබා ගැනීමට නොහැකි බවත් ඔබතුමාවෙත කරුණාවෙන් දැනුම් දෙමු.

තවද අදාල සමාගමේ කහපාට ගෘහස්ත ගෑස් සිළින්ඩරය වෙනුවට අනෙත් සමාගමේ නිලපාට ගෘහස්ත ගෑස් සිළින්ඩරය ලබාදීම ප්‍රායෝගික හා නීතිමය වශයෙන් බාධාකාරී ක්‍රියාවක් වන බවද සදහන් කරමු.

මීට විශ්වාසී,
රංජිත් විතානගේ – සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

UK growth figures raise chance of rate rise

colombotoday

වී අලෙවි මණ්ඩලය “PMB Rice” වෙළෙඳපලට

colombotoday

ඇමරිකන් බඩු වලට ගහන බදු කපන සැලසුමක්?

Admin

නොමිළේ WIFI.. ගූගල් බැලුන්.. වලින් පසුව රටටම 4G දෙන්න මයික්‍රොසොෆ්ට් එයි

colombotoday

කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයේ වැඩිම පහත වැටීම අද

colombotoday

සීනිවලට අඩුකළ රුපියල් 49 වාසිය පාරිභෝගිකයාට නෑ | සමාගම් හතකට කෝටි 147ක ලාභයක්

colombotoday