කඳාන ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පසුගිය අගෝස්තු මාසයේදී කඳාන ප්රදේශයේදී මස් වෙළෙඳසැල් හිමියෙකුට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුත් සමග T 56 වර්ගයේ ගිනි අවියක්, උණ්ඩ 45ක් සහ මැගසින් දෙකක් එහිදී විශේෂ කාර්ය බළකාය සිය භාරයට ගෙන තිබේ.
පොලීසිය සැකපළ කරන්නේ ඩුබායි හි සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන චූටි මල්ලි නමැති සැකකරු කප්පම් ඉල්ලා මෙම වෙඩි ප්රහාරය මෙහෙයවා ඇති බවටයි.
ඒ අනුව ගිනි අවිය පමුණුගම පිහිටි චූටි මල්ලි නමැති සංවිධානාත්මක අපරාධකරුගේ නිවසේ සඟවා තිබියදී මෙලෙස සොයාගෙන තිබේ.