Colombo Today Local News

ජනපතිගේ තටු කපා විධායක බලය අගමැතිට දෙන ජවිපෙ ගෙනා 20වැනි සංශෝධනය මෙන්න

ජනතා විමුක්ති පෙරමුණ විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට ගෙන එනලද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වන සංශෝධනය පසුගියදා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත බාර දුන්නේය.

ජවිපෙ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගේ නමින් ලබා දී ඇති මෙම 20වෙනි සංශෝධනයේ  අඩංගු කරුණු අනුව,

  1. ජනාධිපතිවරයා තෝරාගැනිම පාර්ලිමේන් සිදුවේ.
  2. ජනාධිපතිවරයාගේ ධුර කාලය පාර්ලිමේන්තුවේ ධුර කාලයට සමාන වන අතර එය වසර පහකි.
  3. නව පාර්ලිමේන්තුව පත්වීමෙන් සති හතරක් ඇතුළත රහසිගත ඡන්දයකින් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව සාමාන්‍ය බහුතරයකින් ජනාධිපතිවරයා පත් කර ගත යුතුය.
  4. ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රධානියා, සේනාධිනායකයා සහ රාජ්‍ය නායකයා යන වගන්තියෙන් ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස පැවති බලය ඉවත් වේ.
  5. ජනාධිපති ධුරයේ කටයුතු කරන කාලය තුළ කිසිඳු පක්ෂයක ධුරයක් හෝ සමාජිකයෙකු නොවිය යුතුය.
  6. වරදකරුවෙකුට සමාව ලබා දීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශ මත එම නාමලේඛනය සඳහා නමින් නමට විමසා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය යුතුයි.
  7. විදේශ දූත සේවා සඳහා පිරිස් පත් කිරීමේදී එම බලය කැබිනට් මණ්ඩලයේ උපදෙස් මත පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමි වේ.
  8. මහ මැතිවරණයකදී යම් පක්ෂයක් අග්‍රාමාත්‍ය අපේක්ෂකයෙකු නම් කළ අවස්ථාවේදී එම නම් කරනු ලැබූ පක්ෂය 50%කට වැඩි බලයක් ලබාගන්නේනම් ඔහු අග්‍රාමාත්‍ය ධුරයට පත් වේ.
  9. එසේ කිසිඳු පක්ෂයක් 50%කට වැඩි බලයක් ලබා ගැනීමට අපොහොසත් වූ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීමට හැකි පුද්ගලයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ගත හැකිය.
  10. ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩලයේ සේවක පිරිස තිරීනය කිරීම කැබිනට් මණ්ඩලය විසින් සිදු කරුනු ලැබේ.

Related posts

උප පොලිස් පරීක්ෂකවරයෙක් ගිනිඅවියෙන් වෙඩිතබා ගනී

Admin

එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබෙන්නේ ඡන්ද 10% යි. බුද්ධි අංශ වාර්තාවෙන් තරු විසිවෙයි

colombotoday

දෙමළ-මුස්ලිම් ගැටුමකට ප්‍රංශයෙන් මුදල් – නාමල් කුමාරගෙන් තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්…

colombotoday

කන්න නෑ, වතුර නෑ බොන්න, ඉන්න ගෙයක් නෑ, යන්න පාරක් නෑ – බෝගස් වැවින් ඇසෙන අදෝනාව

colombotoday

යාපනය දිස්ත්‍රික්කයේ යාපනය ඡන්ද බල ප්‍රදේශය

colombotoday

යාපනයේ පාසලක ක්‍රීඩා උළෙලක ඊළාම් සිතියමක්

colombotoday