Colombo Today Local News

රවීට එරෙහි ජෝශප්ගේ ප්‍රහාරයට හේතුව පක්ෂය තුල තිබූ කුමන්ත්‍රණ අසාර්ථක වීමයි

එක්සත් ජාතික පක්ෂයේ උප නායකත්වයට රවී කරුණානායක මහතා පත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් විරෝධය දක්වා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් වූ හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතාට ජාඇල ආසන සංවිධායක ධූරයද අහිමිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පසුගිය වසරේ රවී කරුණානායක හිටපු මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජාඇල පැවැත්වූ රැස්වීමකදී ද ජෝශප් මයිකල් පෙරේරා මහතාට තම ආසනයේ පැවැති එම උත්සවයේ කතාවක් නොලැබුණ බව පවසමින් රවී හා ආරවුලක පැටලුණි.

රවී පත්වීම සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ද විරෝධය දක්වා තිබිණි.

කෙසේවුවද, පක්ෂය සමගි කළ යුතු බවත්, එකමුතු විය යුතු බවටත් එම පක්ෂය තුළ පෙනී සිටින පක්ෂ ප්‍රබලයකු මේ කුමන්ත්‍රණ පිටුපස සිටින බව එජාප ප්‍රබලයෙක් පැවසූ බව ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය වාර්තාකර සිටියි.

එම කුමන්ත්‍රණකාරීන් පිරිස ඉමිටියාස් බකීර් මාකාර් මහතා පක්ෂ මහ ලේකම් කිරීමට ප්‍රබල උත්සාහයක පසුවූ බවත්, එය අසාර්ථක වීම කරුණානායක මහතාට පහරදීමට ද හේතුවක් විය හැකි බව ඔහු සඳහන් කළේය.

Related posts

දිවයින පුරා ඇති වූ ගැටුම්වලින් 219කට තුවාල

colombotoday

සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින නිරෝධායන සිසුන් රැගෙන යාමට ආ ගිලන්රථයට පහර දීලා

colombotoday

පොහොට්ටුවේ නාම යෝජනා බලාපොරොත්තුවෙන් සිටි බහතුරයකට නාම යෝජනා නොදෙයි

colombotoday

ගෑස් මිලේ අඩුවක් නෑ

Admin

යහපාලනය කරන්න ගොස් ‘බිලිවීමට‘ සිදුවූයේ මටයි – කවියක් කියමින් රවී කියයි

colombotoday

ශ්‍රී ලංකන් හිටපු සභාපති අලෙවි සහකාරිණියකට ගුවන් සමාගමේ මුදලින් ඩුබායි ගෙයක් අරන් දීලා…

colombotoday